Home හෙළ වෙදකම සුදයාම ගැන දැනගමු

සුදයාම ගැන දැනගමු

586
0
SHARE

කාන්තාරෝග බොහෝමයකට හේතුව ශරීරයේ උෂ්ණාධික බවයි
ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක සමග කළ සාකච්ජාවකි…
‘‘ශ්වේත ප‍්‍රදරය’’ හෙවත් ‘‘සුද යාම’’ කියන්නෙ කාන්තාවන් බහුතරයක් රහසේ විඳවන ප‍්‍රශ්නයක්… ලැජ්ජාව නිසා
ස`ගවාගන්නා නිසා මේ රෝගයෙන් මිදීමට බොහෝ කාන්තාවන්ට අවස්ථාවක් නැතිවී යනවා…

ආරෝග්‍යය හෙවත් නිරෝගී බව මනුෂ්‍යයෙකුට ලැබිය හැකි උතුම්ම ලාභයයි. කාන්තා පිරිමි කොයි කාගෙත් ප‍්‍රීතිමත් බව සුරැකීමට එය අතිශයින් ඉවහල් වන්නක්. කාන්තා පාර්ශ්වයට ආවේණික ලෙඩ රෝග ගැන අප කතා කරන්නේ තරමක් අඩුවෙන්. රෝගයේ ස්වභාවය නිසාම අඩුවෙන් කතාබහට ලක්වන ‘‘ශ්වේත ප‍්‍රදරය’’ නොහොත් ‘‘සුද යාම’’ ගැන කොයියම්ම මොහොතක හෝ කාන්තාවන් දැණූවත් විය යුතුයි. මේ රෝගයෙන් ඇතිවන ආන්තරායන්,
අපහසුතාවයන්ගෙන් වළකින්නට එය මහෝපකාරී වනවා. ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් ඒකනායක අද මේ රෝගය ගැන විස්තර කරන්නේ ඒ නොදැණූවත්භාවයෙන් ඇයව මුදවාගනු පිණිසයි.

ශ්වේත ප‍්‍රදරය නමැති රෝගය කුමක්ද ? අපට ඒ ගැන කිසියම් අවබෝධයක් මුලින්ම ලබා දුන්නොත්… ?
යෝනි මාර්ගය අවට තෙත් වූ ස්වභාවයක් පැවතීම සාමාන්‍යයක්. ගර්භාෂය සැකසී තිබෙන්නේ දරු ගැබක් දරා සිටීමේ අවශ්‍යතාවය පිණිසයි. කාන්තාවකගේ ගර්භාෂය මෙන්ම ඒ හා සබැඳී ඉන්ද්‍රියයන් මේ අවශ්‍යතාවය වෙනුවෙන් නිරන්තරයෙන් සකස් වෙනවා. ඝ‍්‍රාවයන් වැගිරීම ඒ හා සම්බන්ධ ක‍්‍රියාවලියක්. සුද යාම ඒ ප‍්‍රජනක ක‍්‍රියාවලියට සම්බන්ධ නෑ. ඒත් සුදයාමේදී එම ඝ‍්‍රාවය අධික වශයෙන් යෝනියෙන් වැගිරෙනවා.

කාන්තාවකට ශ්වේත ප‍්‍රදරය ඇතිවූ විට දක්නට ලැබෙන වෙනස කවරාකාරද ?
සරු කාලය තුළදී ඩිම්බ නිකුත් වන අවස්ථාවලදී යෝනි මාර්ගයෙන් පිට කරන ඝ‍්‍රාවයන් වර්ණයක් හෝ ගන්ධයක් දරන්නේ නෑ. කිරි පැහැයට, මුදවාපු කිරි වල ස්වභාවයට තරමක් උකුවට මේ සුදයාම ඇතිවිය හැකියි. පොල්කුඩු වැනි ස්වභාවයකින් සුදු පැහැති කැබලිති ලෙසද ඇතැමුන්ට සුද යාම ඇති වෙනවා. රත් පැහැය, ලා රත් පැහැයට මෙන්ම කහ පැහැයෙන්ද සුද යාම දක්නට ලැබෙනවා.

ශ්වේත ප‍්‍රදරය නිසා කාන්තාවට ඇතිවන අපහසුතාවයන් මොනවාද ?
මෙහිදී යෝනි මාර්ගය අවට කසන ස්වභාවය, තුවාල ඇතිවීම, ඉකිලි ආශ‍්‍රිත ප‍්‍රදේශය කැසීමට ලක්වීම, නිතර නිතර ඇතිවන මුත‍්‍රා ආසාදන සුලබ වශයෙන් දැකිය හැක.

ශ්වේත ප‍්‍රදරය සඳහා බලපාන හේතු මොනවාද ?
උෂ්ණ අධික උෂ්ණ ආහාර නිසා ‘‘සුද යාම’’ නොහොත් ‘‘ශ්වේත ප‍්‍රදරය’’ ඇති විය හැකියි. තරුණ වයසේ කාන්තාවන් අමු අඹ, අන්නාසි, බිලිං, ඇඹරැල්ලා අච්චාරු වැනි දේවල් ආහාරයට ගැනීමත් කෘත‍්‍රීම ආහාරපාන වලට යොමු වීමත් නිසා ඔවුන්ගේ ශරීර වල උෂ්ණත්වය අධික වේ. ආහාර ජීර්ණයෙහි ආශ‍්‍රය කරගත් ආහාර අරුචිය, මළබද්ධය, මළ අක‍්‍රමවත් වීම ආදී ලක්ෂණද මෙහිදී ඇතිවිය හැක. ශරීරය කෘශ වීම, පළු දැමීම ආශ‍්‍රය කරගත් සමෙහි රෝග, පීනස් රෝග, අර්ශස්, හිස කැක්කුමද, ශරීරය අප‍්‍රාණික ගතිය, අධික කේන්තිය වැනි ලක්ෂණද ඇති විය හැකියි. නිතර නිතර මළ බුරුල්ව පිටවීම මෙන්ම මළබද්ධයද ඇතැමුන්ට ලාක්ෂණිකය. මේ සියළු රෝග ශ්වේත ප‍්‍රදරය ආශ‍්‍රිතව ඇතිවිය හැක.

මේ හැරුණූ විට පහත හේතු මතද ඇතැමුන්ට මේ රෝගය ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා.

  • සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දක්වන අඩු සැළකිල්ල
  •  ක‍්‍රිමි ආසාදන (පණු රෝග)
  • ලිංගික චර්යාවන්ගේ ඇතැම් තත්ත්ව
  • බර ඉසිලීම
  • පොදු වැසිකිළි භාවිතය
  • බහු පුරුෂ සේවනය
  • සමාජ රෝග

ශ්වේත ප‍්‍රදරය සඳහා කරන ප‍්‍රතිකාර මොනවාද?
මේ රෝග තත්ත්වයත් සමග පැණ නැගුණූ ඉහත කී රෝගාබාධ වලට වෙන් වෙන් වශයෙන් ප‍්‍රතිකාර කිරීමක් සිදු නොවේ. රෝගියා පරීක්ෂා කිරීමෙන් පසු රෝග මූලය අවබෝධ කරගත් ප‍්‍රතිකාර පංතියක්
රෝගියා වෙනුවෙන් නිර්දේශ කෙරේ.

දීර්ඝකාලීනව මේ රෝගය පැවතීමෙන් ඇතිවිය හැකි ගැටළු
කාලයක් ගතවීමත් සමග ගර්භාෂගත රෝග ඇතිවීමේ අවදානමක් පැන නගී. තරුණ වයසේ කාන්තාවන් නම් මේ පිළිබඳව විශේෂයෙන් සැළකිළිමත් විය යුත්තේ මේ නිසා දරු සම්පත් ලැබීමට බාධා පැණ නැගීමේ ඇති ඉඩකඩයි.
ලිංගික සංසර්ගය ආශ‍්‍රිත ගැටළුද මෙහිදී පැණ නැගිය හැක. කෙසේ වෙතත් රෝගය මැනවින් හඳුනාගෙන නිසි ආයුර්වේද ප‍්‍රතිකාර ලබාදීමෙන් රෝගය නිට්ටාවටම සුව කරගත හැක. අද දවසේ බොහෝ කාන්තාවන් ප‍්‍රතිකාර ලබා ගැනීමේ කැමැත්තකින් පසු වූවද අවිටවේකය හෝ වෙනයම් හේතුවක් නිසා කලට වේලාවට ප‍්‍රතිකාර නොලබා සිටීමෙන් රෝගය උත්සන්න වන තුරු සිටින බව පෙනේ. ශ්වේත ප‍්‍රදරය සඳහා පහසුවෙන් ලබාගැනීමට හැකි ඖෂධ අපට ලබාදිය හැක. මේ නිසා කල් නොහැර ඔබේ මේ රෝගයට නිසි ප‍්‍රතිකාර ලබාගන්න.

ප‍්‍රදර රෝග
ස්ත‍්‍රී රෝග ගැන කතාබහ කරන විට ආයුර්වේදයේදී ‘‘ප‍්‍රදර’’ නම් රෝග කාණ්ඩයක් ගැන කතා කරනවා. ප‍්‍රදර යන්නෙහි අරුත ‘‘ගලා යාම’’ යන්නයි. ගලා යාමක් නිසා ඇතිවන රෝග එනයින් ‘‘ප‍්‍රදර’’ ලෙස නම් ලබනවා. ප‍්‍රදර රෝග දෙකක් ගැන මූලික වශයෙන් ආයුර්වේදයේ කතා කරනවා. ඒ ‘‘ශ්වේත ප‍්‍රදරය’’ සහ ‘‘රක්ත ප‍්‍රදරය’’

www.helawedarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here