Home හෙළ වෙදකම හෙළ වෙද මහිමේ තවත් කතාවක්

හෙළ වෙද මහිමේ තවත් කතාවක්

266
0
SHARE

එදින සමදු වෙදැදුරුගෙන් ප්‍රතිකාර ගැනීමට ඈත ප්‍රදේශයකින් පැමිණි තරුණ රූමත් කාන්තාවක්‌ එක්‌වරම හඬා වැටෙන්නට පටන් ගත්තාය. විකෘති වී ගිය මනසකන් හා වැහැරී ගිය ශරීරයකින් හෙබි මෙම කාන්තාව තරුණ වුවත් පෙනුමෙන් හැට පැනපු අයකුගේ ස්‌වභාවය දිස්‌විය. ඒ වන විටත් ප්‍රතිකාර ගැනීමට පැමිණි බොහෝ අයගේ අනුකම්පාව ඇය කෙරෙහි යොමුවෙද්දී පෝලිමේ සිටි පිරිස ඇයට වෙදැදුරු හමුවීමට ඉඩ දුන්නේ තවත් ප්‍රමාද කරවීම ෙ€දවාචකයකට මඟ පාදන්නක්‌ වූ හෙයිනි.

වෙදැදුරු ඉදිරියේ අසුන්ගත් මේ තරුණ සුරූපී කාන්තාව රෝග තත්ත්වයන් කියන්නටත් පෙර නැවත හඬා වැටුණාය. ඉන් බොහෝ දේ වටහා ගත් වෙදැදුරු සන්සුන් වෙන්න යෑයි පවසමින් කරුණාබරිත විය.

“අත දික්‌කරල අල්ල උඩු අතට තියාගන්න”

ඉන් පසු ඖෂධයක්‌ අල්ලට වත් කළ වෙදැදුරු ඊටම තවත් ඖෂධයක්‌ එක්‌ කරනවාත් සමඟ සිරි සිරි හඬින් පෙන දමන්නට පටන් ගත්තේය.

“කලබල වෙන්න එපා. දුක්‌වෙන්නත් එපා. අපි ප්‍රතිකාරයක්‌ කරල බලමු. ඊට කලින් කියන්න මම කියන රෝග ලක්‍ෂණ ඔබට තියෙනවද කියලා.”

“හැම තිස්‌සෙම බඩේ වේදනාවක්‌ එක්‌ක දැවිල්ලක්‌ තියෙනවා.”

“හරි”

“කෑම අරුචියක්‌ තියෙනවා.”

“ඔව්”

“අපහසුවෙන් හරි කෑම ගත්තම ඔක්‌කාරයට ඇවිත් වමනය දමන්න හදනවා.”

“ඔව්”

“නිදිමත ගතියකුත් සමහර වෙලාවට එනවා. ඒ එක්‌කම ඇඟට පණ නැති ගතියකුත් දැනෙනවා.”

“හරි”

“සමහර වෙලාවට ඔළුව විකාර වෙලා ගෙදරින් පිටවෙලා යන්නත් හිතෙනවා.”

වෙදැදුරුගේ ප්‍රශ්න හමුවේ කාන්තාව යළිත් හඬන්නට පටන් ගත්තේ මේ කියන සියල්ලම තමා අපහසුවට පත් කරනවා නොවේදැයි සිතමිනි.

මේ රෝගී තත්ත්වයට හේතු මම තව ටිකකින් පෙන්නන්නම්. එතකම් මේ ටික බීලම ඉන්නකෝ යි කියමින් වෙදැදුරු ඇයට ඖෂධ මිශ්‍ර කිරි භාජනයක්‌ දුන්නේය.

පැය භාගයක්‌ පමණ එම කාන්තාව වමනය කරනවා ඇසිනි. මින් කලබලයට පත් ඇයගේ ඥාතීන් බිය වෙද්දී වෙදැදුරු සිsනහ මුසු මුහුණින්ය.

“බය වෙන්න එපා ඔහේ දාපුවාවේ.”

වෙදැදුරු කෙසේ කීවත් ඥාතීන්ට නම් දැඩි බියක්‌ දැනුනේ එම කාන්තාව වමනය කරන ස්‌වභාවය දැකීමෙනි.

“අනේ වෙද මහත්තයෝ දැන්නම් කෙල්ලට හොඳටම අමාරුවෙන් තමයි වමනය කරන්නේ. ලේත් යනවද මන්දා”

“නෑ…… නෑ…… එහෙම වෙන්නෙ නෑ. කෝකටත් මම ළඟÊඉන්නවනේ. මොකටද බය වෙන්නෙ.”

වෙදැදුරු තවත් රෝගියකුට ප්‍රතිකාර කරන ගමන් ම කීවේ කිසිවක්‌ ගණනකට නොගෙනය.

“තවත් විනාඩි කිහිපයකින් රෝගියාගේ ඥාතියකු හදිසියේම දිව ආවේය.”

“වෙද මහත්තයො මොකක්‌ද ගුලියක්‌ කෙල්ලගෙ බඩේ තිබිල වැටුණා” ඒ එක්‌කම කලන්තෙ වගේ වැටෙන්නත් ගියා.

“කලබල වෙන්නෙ නැතිව ඔහොම වත්තන් කරගෙන ඉන්න මම එනකම්.”

වෙදැදුරු ඒ වන විටත් සියල්ල අවබෝධ කර ගෙන තිබූ බවක්‌ සිනහවෙන් පෙන්නුම් කර තිබිණි.

“බලන්න මේ සෙම ගුලියත් එක්‌ක මතුවෙලා තියෙන කෙස්‌ ගස්‌ ටික. මේක තමයි මේ ළමයගෙ බඩේ මෙච්චර කලක්‌ හොල්මන් කර කර ඉඳල ලෙඩ කෙරෙව්වේ. මේක විෂක්‌. දැන් කිසි දේකට බයවෙන්න එපා. ශරීරයෙ තියෙන රෝග සියල්ල අදින් පස්‌සෙ අවසන් කියල හිතාගන්න එක හොඳයි.”

කාන්තාවගේ ඥාතීන්ට සියල්ල පැහැදිලි කර ඖෂධ නියම කරද්දී සියල්ලෝම එකිනෙකාගේ මුහුණ බලා ගන්නට පටන් ගත්තේය.

වෙදැදුරු මේ සියල්ල නිවැරැදිව කීවේ නාඩි පරීක්‍ෂාවකින් සහ අල්ලට ඖෂධයක්‌ වත්කර ඊට තවත් සංයෝගයක්‌ එකතු කිරීමෙන් ලැබූ රෝග විනිශ්චයකින් පසුවය.

කැප්පිටිගල පාරේÊපානගමුව පාරම්පරික ආයුර්වේද බෙහෙත් ශාලාවට ගිය මට දැක ගන්නට ලැබුණේ එකිනෙකා පසු පස්‌සේ පැමිණෙන රෝගීන් පිරිසකි. මේ අය අතුරෙන් සමහරකුගේ අල්ලට ඖෂධයක්‌ දමා ඊට ද තවත් සංයෝගයක්‌ එකතු කරමින් කරන රෝග විස්‌තරය තවත් විටෙක පුදුම සහගතය. ඉන් පසු වෙනත් ඖෂධයක්‌ නියම කරමින් ලය විරේකයක්‌ කිරීමට සලස්‌වා නැවත ප්‍රතිකාර කිරීම මෙම වෛද්‍යවරයාගේ විශේෂත්වයකි.

වසර දෙසීයකට වඩා ඈත ඉතිහාසයක්‌ තිබෙන පානගමුව වෙද පරම්පරාවෙන් හෙළ වෙදකම ඉගෙන ගත් මේ වෙදැදුqරු ඇම්. අබ්දුල් සමදු නමැති මුස්‌ලිම් ජාතිකයෙකි. එහෙත් ඔහුට ප්‍රතිකාර කිරීමට ජාති භේද, ආගම් භේද. කුල භේද කිසිවක්‌ නැත. ඔහු හමුවීමට පැමිණෙන රෝගීන් ද විශේෂයක්‌ නැත.

වාත රෝග, පොතු කබර, සුදු කබර, පක්‍ෂගාත, පීනස, හතිය, ආහාර පාන විෂ වීමෙන්, කැවීමෙන් ඇතිවිය හැකි සුව නොවන සියලු බඩේ අමාරු හා ශරීරයේ පිත සෙම අධික වීමෙන් ඇතිවන බඩේදැවිල්ල, බඩ පුරවා දැමීම, කෑම අරුචිය, අජීර්ණය, දද, කුෂ්ඨ ශරීරයේ බිබිලි මතුවීම, කැසිල්ල, හන්දිපත් වේදනාව, ශරීරය දුර්වල වීම ආදී රෝග රැසකට සුවය ලබා දෙන්නේ හෙළ වෙදකමෙනි.

මීට අමතරව සියලු කාන්තා රෝග වලටද ප්‍රතිකාර කරන මෙම වෙදැදුරු දරුඵල අහිමි කාන්තාවන්ට ද මාස කිහිපයක්‌ තුළ දරු සම්පත් ලබාදීමට ප්‍රතිකාර කරන්නේය.

මෙම රෝග අතුරින් වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කරනු ලබන්නේ ලය විරේක කිරීමෙන් පසුවය. බොහෝ වේලාවක්‌ රෝගීන්ට ප්‍රතිකාර කරන පිළිවෙළ දෙස අවධානයෙන් සිටි මට මෙහි විශේෂත්වයක්‌ දැක ගන්නට හැකි විය. එනිසාම ඒ ගැන තොරතුරු දැන ගැනීමේ අපේක්‍ෂාවෙන් මම ඔහු හා සාකච්ඡාවකට වැටිණි.

“ඔබේ ප්‍රතිකාර බොහොමයක්‌ වමනය කරවීමෙන් පසු කරන බවක්‌ පේනවා. මෙය මට විශේෂ දර්ශනයක්‌”

“මම වෙදදුරාගෙන් ඇසුවේ දිගු විස්‌තරයක්‌ අපේක්‍ෂාවෙනි. මඳ සිනහවක්‌ පෑ ඔහු මේකත් සිංහල වෙදකමේ තියන ප්‍රතිකාර ක්‍රමයක්‌” යෑයි කීවේය.

එතකොට ඔබ මේ රෝගියාට දෙන දියරය එකවර පාවිච්චි කිරීමෙන් වමනය කරනවා. දැනුත් කිහිපදෙනෙක්‌ ඒ තත්ත්වයට පත්වෙලා ඉන්න බව මට ඇහෙනවා. මේ දියරයට අඩංගු එක දෙයක්‌ කිව්වොත්.”

“කිරි ප්‍රධානයි. මම ඒ කිරිවලට තමයි වෙනත් ඖෂධ යොදන්නේ. එය පානය කර විනාඩි කිහිපයක්‌ ඇතුළත වමනය කරනවා. සමහර විට පැය කිහිපයක්‌ සැරින් සැරේ වමනය කරන්න පුළුවන්.”

“ඒක රෝගියාට අපහසුවක්‌ වෙන්නේ නැද්ද?”

“කොහෙත්ම නෑ. මම මේ ලය විරේකය කරවන්නෙ ශරීර අභ්‍යන්තරයෙ තිබෙන කිසියම් විෂ දෙයකට ප්‍රතිකාරයක්‌ වශයෙනුයි. විශේෂයෙන් බොහෝ රෝගීන්ගේ ශරීරයේ අපි නොදන්න නොයෙක්‌ වස විෂ තියෙන්න පුළුවන්. මේ තුළින් ඒ සියල්ල ඉවත් වී යනවා. ඉන් පසු කරන ප්‍රතිකාරයකින් නිරෝගී සුවය ලැබෙන්නෙ අපි හිතනවාටත් වඩා ඉක්‌මනින්.

මෙම රෝගීන් කෙරෙහි අවධානයෙන් සිටි මට දැක ගැනීමට හැකි වූයේ මැළවුණු මුහුණින් හා අප්‍රාණිකව පැමිණි බොහෝ රෝගීන් නව සුවයක්‌ ලබා ප්‍රීතියෙන් ඔහුගේ වෙද මැදුරෙන් පිටව ගිය අයුරුයි.

“ඔබ මේ සේරටම මුලින් කරන්නෙ නාඩි පරීක්‍ෂාවක්‌. ඒ ගැන යමක්‌ කියනවා නම්.”

“වසක්‌ විෂක්‌ වගේ දේවල් ශරීරයේ නිධන්ගත වෙලා තියෙනව නම් නාඩි පරීක්‍ෂාවෙන් අතට බෙහෙත් දමා බැලීමෙන් දිව පරීක්‍ෂාවෙන්, හා ඇස පරීක්‍ෂාවෙන් පහසුවෙන් සොයා ගන්න පුළුවන්කමක්‌ තියෙනවා.”

“බොහෝ රෝගීන්ගේ නාඩි පරීක්‍ෂාවත් සමඟ අතට බෙහෙත් දැමීමෙන් රෝග කිහිපයක්‌ විස්‌තර කරනවා මම දැක්‌කා. ඒ අවස්‌ථාවේදී ඔබ එකවරම මේ රෝග ටික හඳුනාගන්නෙ කොහොමද?”

“ඒක වචනයෙන් දෙකෙන් කියන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. මේක අපේ තියෙන දැනුමත් එක්‌ක එන දෙයක්‌. කොහොම වෙතත් කෙටියෙන් කියනවා නම් ඒ රෝගීන්ගේ අල්ලට දමන බෙහෙත ක්‍රියාත්මක වන ස්‌වභාවයෙනුයි මම ගොඩක්‌ රෝග හඳුන ගන්නෙ.”

“දැන් බලන්න මෙතෙන්ට ආපු අර කාන්තාවට මම ලය විරේකයක්‌ කළා. එයා මෙතෙන්ට එනකොට ආවෙ මළානික වෙලා. ගත අප්‍රාණික වෙලා. අර ඉතාමත් පහසුවෙන් ඉන්නෙ කතා කර කර. මොකද ඒ. එයාගෙ ශරීරයෙ නිධන්ගත වෙලා තිබුණ කිසියම් විෂක්‌ එතනින් ගැලවිලා පිටතට ආව

www.helawedarala.lk අන්තර් ජාල⁣යෙන් උපුටා ගත්තකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here