Home හෙළ වෙදකම හෙළ වෙදකමින් ආතරයිටීස් සුවකරගන්නේ කෙසේද?

හෙළ වෙදකමින් ආතරයිටීස් සුවකරගන්නේ කෙසේද?

1607
7
SHARE

ආතරයිටීස් රෝගය දැනට ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් සහ පුරුශ පක්ෂ අකාලයේ කරදරයට පත්කිරීමට සමත්ව ඇත. ආතරයිටීස් රෝගය බටහිර වෛද්‍ය ක්‍රමය මගින් කිසිවිටකත් පූර්ණ සුවයක් ලබාගත නොහැකි රෝගයකි. එයට බොහෝ හේතූන් ඇතිබව කිව යුතුය. එක් එක් වෛද්‍ය ක්‍රම වල දුර්වලතා සොයනවාට වඩා මෙම භයානක කරදරකාරී රෝගයෙන් අත්මිදෙන්නේ කොයිආකාරයෙන්දැයි අප සොයා බලමු. හෙළ රාවණ ඉතිහාසයේ මෙම රෝගය පිලිබද බොහෝ සටහන් ඇති අතර නිට්ටාවට සුවකිරීම සදහා හෙළ වෛද්‍ය ශාස්ත්‍රෙය් රහස් වෛද්‍ය ක්‍රම කිහිපයක්ම ඇති බව හෙළ වෙදරාලට නිරීක්ෂණය විය. එක්තරා රස බෙහෙතක් මගින් සතියක් දෙකක් වැනි සුලු කාලයකදී ආතරයිටීස් රෝගයට ක්ෂණික පිලියම් ලැබෙන බව දන්නේ ස්වල්ප දෙනෙකි. දනිස් පොල්කටුවල හා අස්ථි සන්ධි ස්ථානවල වියලීම සහ අස්ථිවල ගෙවීම නම්‍යශීලීත්වය නොමැතිවීම හා හැඩයෙහි වෙනස්කම් ඇතිවීම ආතරයිටීස් රෝගයේ ප්‍රධාන ලක්ෂන වේ.

එක්තරා සත්වයකුගේ අස්ථි ගෙන එහි මැරබොන් කොටස හුඹස් ආස්මි ලුණුවිල කොහොඹ රතුඅරත්ත එලවරා එලවරා මුල් ඇඹුල් දොඩම් ඉස්ම රත්හදුන් සහ තවත් සත්වයකුගේ අස්ථි කොටසක් ගලගා දින 3ක් අවුවේ කකාරා සාධගන්නා ලද ආලේපයකින් දින 3ක් වැනි සුලු කාලයකදී ආතරයිටීස් රෝගය සුවකරගැනීමට භාවිත කර හැක. මෙම රහස් බෙහෙතට පානය කල යුතු තවත් බෙහෙත් වර්ග කිහිපයක්ම ඇතුලත්ය. රසකිද තැම්බූ වතුර පත අට එකට සිදුවා පෙනෙල කොල ඉස්මට මිශ්‍ර කොට පිරිසිදු මී පැණි සමග මේස හැදි 2 බැගින් දිනකට තුන් වරක් පානය කිරීමෙන්ද දිනකට සුදුලූණු බික් 3ක පමණ ප්‍රමාණයක් ආහාර වශයෙන් ගැනීමෙන්ද ඉහත කී ආතරයිටීස් රෝගයෙන් සුවය ලබාගැනීමට පහසු කරවන්නකි. ඔබට දියවැඩියාව වැලදී ඇත්නම් රසකිද වෙනුවට ගම්පේර කොල තම්බා පත අට එකට සිඳුවා මී පැණි සමග ඉහත කී පරිමාවෙන් ගැනීම මැනවි.

මේ සියලු බෙහෙත් වලට වඩා ක්ෂණික සුවයක් ගෙනදෙන රස බෙහෙත් වට්ටෝරුවක්ද හෙළ රාවණ වට්ටෝරු තුල ඇත. එයින් ක්ෂණිකව රෝගය සුවවෙතත් එම වට්ටෝරුව හෙළ වෙදරාල මෙම ලිපියෙහි පල නොකරන්නේ රස බෙහෙත් සදහා රස දිය සහ තවත් විශ ද්‍රව්‍ය විස මද කොට භාවිතයට ගැනීම නිසා මෙම බෙහෙත් වට්ටෝරුව ඉතාමත් පලපුරුදු වෛද්‍යවරයකු ලවා සකසවාගැනීම අනිවාර්ය වන හෙයිනි. රස බෙහෙත් තුලින් පිලිකා භගන්ධරා විස ගෙඩි හා සුවකල නොහැකි කුෂ්ට රෝග ඉතා ඉක්මණින් මෙන්ම සාර්ථකව සුවකරගැනීමේ හැකියාවක් පවතී. එහෙත් ඒ සදහා ඉතා ප්‍රවීණ වෛද්‍යවරයකුගේ සහාය ලබාගත යුතුය. ආතරයිටීස් රෝගය වැලදීමෙදී විශ්ව ශක්තිය මගින්ද යම් ප්‍රතිකාරයක් කරගත හැකි අතර විශ්ව ශක්තිය මුසාවක් යැයි සිතා ඉවත දැමීම අනුවනකමකි. ජෝශ්‍ය ට අනුව යම් කර්මයක් ඵල දීමට බෙහෝ හේතු සාධක ඇත. එහෙත් අප ප්‍රතිකාර මගින් පමණක් කර්මය වලක්වාගැනීමට උත්සුක වීම අනුවනකමකි.

හෙළ වෙදරාළ ආයතනය මගින් මේවන විට කරන පරීක්ෂණ ඉතා සාර්ථක වී ඇති අතර ආතරයිටීස් මදුමේහය බගන්ධරාව පිලිකාව හෘදයාබාධ සහ අනිකුත් සියලුම රෝගාබාධ සදහා හෙළ වෙදකමේ නිට්ටාවට සුවකල හැකි ප්‍රතිකර්ම සහ රහස් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම හදුනාගෙන ඇති අතර ඉදිරියේදී මහජන සේවයක් ලෙස ඔවුන් ඔබට හදුන්වාදීමට කටයුතු කරන්නෙමු. ඔබට යම්ගැටලුවක් වෙතොත් helawedarala.lk වෙබ් අඩවියෙහි පහත සදහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාගැනීමට කාරුණික වන්න.

0115248707

දේශබන්දු හෙළවිද්‍යා කීර්ති කාලාම්ස ජොශ්‍ය විශාරද මානව සම්පත් පෞර්ශත්ව උපදේශක සුලු අපනයන බෝග අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය උපදේශක ජේශ්ඨ මාධ්‍යෙව්දී හෙළ වෙදරාළ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක සාගර සම්පත් ජයසිංහ මහතා ඵල කල අදහස්

සාකච්ඡාව මෙහෙයවීම දිල්ශාන් රමේෂ්

7 COMMENTS

  1. Excellent beat ! I would like to apprentice whilst you amend your site, how could i subscribe for a weblog website?
    The account helped me a appropriate deal. I have been a little bit acquainted of
    this your broadcast offered bright clear idea

  2. My programmer is trying to convince me to move to .net from PHP.
    I have always disliked the idea because of the expenses. But he’s tryiong none the less.
    I’ve been using WordPress on various websites for about a
    year and am nervous about switching to another platform.
    I have heard excellent things about blogengine.net.
    Is there a way I can transfer all my wordpress posts into it?

    Any kind of help would be really appreciated!

  3. Excellent post. I was checking constantly this blog and
    I’m impressed! Very helpful information specially the last
    part 🙂 I care for such information much. I was looking for this particular information for a long time.

    Thank you and best of luck.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here