Home යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් සෙල්ලන් නැති කළුකුමාරයා

සෙල්ලන් නැති කළුකුමාරයා

90
0
SHARE

 

www.helawedarala.lk

ලෝකයේ පවතින සම්මත දෙයට වඩා අසම්මත යැයි පිළිගැනෙන සිදුවීම් බොහෝ අවස්ථාවල ඉඳහිට හෝ සිදු වේ. අතිතයේ ගල් යුගය, එ‍ඬේර යුගය, බමුණු යුගය සහ හණමිටි යුගය වැනි හාස්‍ය උපහාසය දනවන සුළු මතවාදයට ලක් වූ ලොවෙහි තවමත් නොවෙනස්ව ඉතිරිව ඇති සංස්කෘතිකාංග ධර්මතාවන් ඇත. වර්තමානයේ ඉර, හඳ, තාරකා ග්‍රහලෝක, ග්‍රහලෝකකරණය කර නව ලොවක් කරා ගමන් කරමින් උසස් දියුණුවකට පත් වී තිබේ. එසේ වුවද ගතානුගතික අතීතාවලියේ එල්බගෙන ගමන් කිරීම මිස එය කිසිවකුට වෙනස් කළ නොහැක.

ජනප්‍රවාදයේ එදා සිට අද දක්වා පැවත එන කළුකුමාර දෝෂයද එවැනි සම්මුති සංසිද්ධියක් ලෙස හැඳින්විය හැකිය. සත් සමුදුරින් එතෙර කළු ගල් දුව නැමැති ස්ථානයක මාඉලුක් රන්විමනක කරඬුබානා නැමැති බිසවකට දාව කළු කුමරුගේ උපත සිදු වූ බැව් සඳහන් වේ. කෙසේ නමුත් මෙහි සත්‍ය අසත්‍යතාවය නවීන විද්‍යාත්මකව පර්යේෂණ මඟින් ඔප්පු කළ නොහැකි වූ පමණින් ඒවා අසත්‍ය යැයි ඉවත් කළ නොහැකිය. එවැනි බලපෑම් තුළින් අප්‍රමාණ විපත් කරදර වලින් පීඩා විඳින්නෝ කොතෙකුත් අප සමාජයේ සිටිති. ඒවාට අදාළ ප්‍රතිකර්ම භූත විද්‍යානුකූලව යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

කළු කුමාර දෝෂය නොහොත් තනිකම් දෝෂය පිළිබඳව ජාති, ආගම්, කුල, මල භේදයකින් තොරව සෑම තරාතිරමක ජනතාව අතර බිය මුසු තැති ගැන්මක් තිබේ. එයට හේතුව මෙම කළු කුමාර දෝෂය ළමා වයස ගෙවී වැඩිවියට සපැමිණෙන ගැහැනු දරුවන්ට බොහෝ විට ඇති කරනු ලබන බැවිනි. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ තරුණ වියට එළැඹෙන ගැහැනු දරුවන්ගේ ශරීරයෙන් දහ දොළොස් වසරක් පුරා ඒකරාශීවන රක්තධාරාව මල්වර වීම නොහොත් වැඩිවියට පත්වන විට නිකුත් වන රක්තප්‍රවේදනය කළු යක්ෂයා ප්‍රිය කරන බැවිනි.

එහි ගන්ධයට වහ වැටී ස්ත්‍රි කරා ඇදී යන කළු කුමරු එම ගන්ධය ජනප්‍රියම ආහාරය ලෙසින් ප්‍රිය කරයි. එහෙත් මේ සඳහා වැඩිවියට පත්වන සෑම ගැහැණු දරුවකු කරාම ළංවිය නොහැක. ඊට දුර්වල ග්‍රහයෝග මෙන්ම දුර්වල ග්‍රහ බලපෑම් ඇති අය සහ නොයෙකුත් හේතු කාරණා යෙදීමෙන් කළු කුමාර දෝෂයට හසු වේ. ඉතා බලවත් ග්‍රහයන්ගේ බලපෑම අනුව යෙදෙන මහා පුරුෂ යෝග, භාග්‍ය සම්පන්න පුණ්‍යයෝග, රාජ යෝග, ලක්ෂ්මී යෝග වැනි උපතින් කර්ම ශක්තිය බලවත් අයට මෙම දෝෂය ඇති නොවේ. එමෙන්ම ආගමික සිද්ධස්ථානවලදී ආගමික කටයුතුවල නියැලී සිටින විට වටිනා ආරක්ෂක යන්ත්‍ර, මල්වර දෝෂ ප්‍රහාන යන්ත්‍ර පැළඳ සිටින විටද මෙම කළුකුමාර දෝෂ ඇති නොවේ. පිරිසක් සමඟ එකට සිටි විට, දේවාල තුළදීද, චෛත්‍යය, විහාරය, බෝ මැඬ අසලදීද කළු කුමරුට ඇල්ම, බැල්ම, දිෂ්ඨි හෙළිය නොහැකිය. කළු කුමාරයා හෙවත් කළු යක්ෂයා යනු භුතාත්ම අතර සිටින අතිශයින්ම බිහිසුණු කාම සල්ලාල යක්ෂයෙකි.

ගොදුරු සොයා යන ව්‍යාඝ්‍රයකු මුව පොව්වකු පසුපස හඹා යන්නාක් මෙන් කළු යකුට පහසුවෙන්ම තම ‍ගොදුරට හසුකර ගත හැකි ස්ථානවල රැකවල් ලා සිටියි. විශේෂයෙන් අලුයම් කාලයේ, මධ්‍යහ්නයේ, සන්ධ්‍යා යාමයේ රාත්‍රියේ එම වයසේ දුර්වල සිත් ඇතිව තනිව නිදන ස්ථානවල සැරිසරයි. ළිං, ඇළවල්, ජල ස්නාන, පීල්ල,ගං ඉවුරු, වැව් ඉවුරු වැනි ජලස්නානය කරන ස්ථානවල හෝ දිය පිරි කළ උකුලේ තබාගෙන එනවිටද කළු කුමාර දෝෂය ඇතිවිය හැකිය. එමෙන්ම ගස්ගෙඩි කැඩීම, ළඳු කැළෑ, තනිමඟ, කඩුල්ල, හන්දි, පිට්ටනි, මල් උයන්, වන වදුල්, හේන්, පැළ, කෙත්බිම්, කමත වැනි තැන්වල තනිව වීණා වාදනය කරන අවස්ථාවලද කළු යක්ෂයාගේ දිෂ්ඨියට ලක්‍ වේ.

කළු කුමරුගේ බැල්ම හෙළා ඇල්මට හසුකර ගත හැකි ස්ථානවල වැඩිවියට පත්වීමට ආසන්නව සිටින ගැහැණු දරුවන් තනියෙන් සිටින විට මල්වර වූයේ නම් කළු කුමරුගේ බැල්මට හසුවෙනු ඇත. මල්වරයත් සමඟ කළු යකුගේ දෘෂ්ඨිය පතිත වේ. එවිට එම අදෘෂ්‍යමාන ශක්තිය තුළ ගැබ්ව ඇති විෂම කිරණ අදාළ තරුණියගේ ශරීරය පුරාම ක්ෂණයකින් නිදිකටුවක් ඇනුණාක් මෙන් විහිදී යයි.

එතැන් පටන් සිරුර වැඩෙන්න වැඩෙන්න මාසිකව සිදුවන රක්තවේදනයත් සමඟ කළුයකුගේ විෂම කිරණවල ක්‍රියාකාරී ශක්තිය වර්ධනය වී එම තරුණියගේ පෝෂණ ක්‍රියාකාරීත්වය දුර්වල කරයි. ශරීරය දිරාපත් වෙයි. සමහරුනට බලපෑම වැඩිවීම මත ඔල්මාද ගති සහ ඇඟ ගිනි ජාලාවක් ලෙස දැනෙයි. වමනය, ඔක්කාරය, ළමැද කාස, දෙකලවයන්හි සීලන්ද, ඇඟ රුදාව, බත් අජීර්ණය හට ගනියි. බඩ කිළුටු ලෙඩ, ගර්භයේ දෝෂ, දෙදණ කොරවාදම්, මුළු සියොළඟම තේරුම් ගැනීමට නොහැකි රෝගාබාධ සහ කාස කරප්පන්, දාහ කරප්පන්, අළු කරප්පන් වැනි විවිධ රෝගාබාධවලට නිරන්තරයෙන්ම බඳුන් වේ.

ඒ අතර තවත් කාන්තාවන් ගෙදර දොර වැඩ ගැන කිසිදු තැකීමක් නැත. උයන පිහන වළං පිඟන් ආදිය ගැන ගණන් එහෙමම තබති. අඳින පළඳින ඇඳුම් තැනින් තැන ඔහේ දමා තබති. තම ස්වාමියාගේ කටයුතු ගැන උනන්දුවක් නොමැත. කායික සබඳතා පැවැත්වීම අප්‍රිය කරති. නිතර කලකිරුණු ස්වභාවයෙන් වාසය කරති. තවද නිවෙසේ ගෙමිදුලේ සිටින විට සිහිනයක් දුටුවාක් මෙන් කළු පාට අවතාර, ඡායා තමා අසලින් යන බව දැනෙයි. විවාහක කාන්තාවන් අනුන් සමඟ කොතරම් සතුටින් සිටියද රාත්‍රී නින්දට යන විට ඔවුන්ට අනපේක්ෂිත රෝගාබාධයන් හට ගනිති. ස්වාමියා සමඟ කිසිදු හේතුවක් නොමැතිව ගැටීමක් ඇති කර ගනිති. ස්වාමියා කෙරෙහි වෛර ද්වේෂ සහගත සිතුවිලි මතුවෙයි. සිහිනෙන් මළ දරුවන්, කහ පාට, කළු පාට දරුවන් පෙනෙයි. මෙවැනි විවිධාකාර විෂමාචාර ලක්ෂණ කළු කුමරුගේ බලපෑම මත ඇති කරනු ලබයි.

බොහෝ විට මෙවැනි දෝෂ යෙදෙන අයගේ විවාහ අතපසු කරයි. යෙදෙන යෝජනා අඩපණ කරයි. සමහරුන් ප්‍රථම මංගල ගමනේදීම අනපේක්ෂිත අයුරින් දිවියෙන් සමුගනිති. තවත් සමහර කාන්තාවන්ට කෙතරම් වස්තු, සම්පත් තිබුණත් විවිධ අපාදුක් විඳිමින් දිවි ගෙවයි. සමහරුන්ට දරුවන් අහිමියි. දරු ගැබ මාස 2 – 3 තුළ දියකර හරියි. දරුවන් සිටියත් මවට කිරි එරෙන්නේ නැති අවස්ථා තිබේ. කිරිබොන දරුවාට කිරි අජීර්ණය වෙයි. විශේෂයෙන් මෙවැනි රෝගාබාධ උප්පත්ති ජන්ම අවස්ථා තුළ පවතින කර්මබලය පෙන්වන ග්‍රහ ශක්තීන් අතර සුවිශේෂී බලපෑමක් ඇති බව පරීක්ෂණ වලින් පෙනී යයි. යම් ස්ත්‍රී කේන්දරයක පස්වැනින වෘශ්චික හෝ කටක සිංහ රාශිය වී එහි රාහු ශනි උපතින් ගෝචර වී පුරුෂ කේන්දරයේ 8 වැන්න ශනි රාහු හෝ රවි ශනි කේතු ව ැනි ග්‍රහ පිහිටීම් ඇති අයට යට කී බොහෝ රෝගාබාධ හට ගනියි. ඔවුනට දරු ඵල අහිමි වේ. මෙවැනි කේන්දර 2ක් හිමි දෙදෙනෙක් යුග දිවියට පත්වීම තුළ කළු කුමරුගේ දෝෂයන්ට භයානක අන්දමින් ගොදුරු වේ. එමෙන්ම කළු කුමාර දෝෂ සඳහා ඇතිවන සියලු උවදුරු සඳහා අනිවාර්යයෙන්ම භූත වෛද්‍ය ක්‍රම මඟින්ද ප්‍රතිකාර යෙදිය යුතුය.

www.helawedarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here