Home හෙළ වෙදකම වකුගඩු රෝග සුව කරනා වෙද ගෙදර

වකුගඩු රෝග සුව කරනා වෙද ගෙදර

178
0
SHARE

ශ්‍රී ලාංකීය ජන සමාජයට ප්‍රබල සමාජ ප්‍රශ්නයක් වෙමින් පවතින වකුගඩු රෝගය නිවාරණය කිරීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුවෙන් බිහි වූ හෙළ වෙද මහත්මයෙකු පිළිබද තොරතුරු මෙසේ පෙළ තබමි. ඔහු නමින් වෛද්‍ය ,දේශබන්දු කුලරත්න මහතාය.පරම්පරාවෙන් උරුමකම්කි හෙළ වෙදකමට නව අරුතක් ලබා දෙමින් 2000 වසරේදී “සුව උදාන හෙළ වෙද ගෙදර” ආරම්භ කරන්නේ වකුගඩු රෝගීන්ගේ සිත්සතන් තුලට ‘ නිරෝගීකමේ ’ දෑත් දිගු කරමිනි.

  

 

වකුගඩු රෝගින් සදහා වෙන් වූ “සුව උදාන හෙළ වෙද ගෙදර” වාර්තමානය වනවිට නේවාසික රෝගීන් 56 දෙනෙකුට ප්‍රතිකාර ලබා ගත හැකි වාට්ටු පද්ධතියකින් සමන්විත වේ. එම වාට්ටු පද්ධතිය භික්ෂු  වාට්ටුව තුල ගිලන් වූ භික්ෂුන්වහන්සේලා 06 නමකට සහ රෝගී වූ ගිහි වාට්ටුව තුල රෝගීන් 50 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ගත හැක. “සුව උදාන හෙළ වෙද ගෙදර” පවත්වමින් වෛද්‍ය ,දේශබන්දු කුලරත්න මහතා ජාතියට අමිල මෙහයක් කරමින් සියලුම ගිලන් වූ භික්ෂුන්වහන්සේලාට සහ නේවාසිකව සිටින රෝගීන්ට අකණ්ඩ දින 30 නේවාසික පහසුකම් , ආහාර පාන පහසුකම් , ඖෂධ නොමිලයේ ලබා දීම සිදු කරනුයේ වකුගඩු රෝගය මව්බිමෙන් ඉවත් කරමු යන උතුම් අධිෂ්ඨානය සිත් හි පෙරටු කර ගෙනය. “සුව උදාන හෙළ වෙද ගෙදර” තිස්ස ජිනසේන සමුහයේ [ TJG ] අපි සහභාගී වූ දවස් කිහිපයේම නේවාසික රෝගීන්  උදෑසන 06 බුද්ධ වන්දනාව සිදු කල හ. උදෑසන 11 බුද්ධ පුජාව පැවැත් වුහ. සවස 06 බුද්ධ වන්දනාව සිදු කල හ.නැවත රාත්‍රී 09 බුද්ධ වන්දනාව සිදු කල හ. වෛද්‍ය ,දේශබන්දු කුලරත්න මහතා අප සමග සිනාමුසු මුහුණින් යුත්තව පැවසුවේ “ ඔය ලෙඩේට ඖෂධ ප්‍රතිකාර විතරක් මදි. අධ්‍යාත්මික සුවය ඉතාම වැදගත්.” වන බවයි. වෛද්‍ය ,දේශබන්දු කුලරත්න මහතාගේ එම දහම් පණිවුඩය මග යමින් නේවාසිකව ප්‍රතිකාර ලබන ඇති බහුතරය බුද්ධ වන්දනා සිදු කරනුයේ හදපිරි භක්තියෙනි. වෛද්‍ය ,දේශබන්දු කුලරත්න මහතාගේ පාරම්පාරික හෙළවෙදකම  අනාගත පරපුරටද දායාද කරමින් තම පියාගේ හෙළවෙදකම ශක්තියක් වෙමින් වෛද්‍ය ,දේශබන්දු කුලරත්න මහතාගේ දියණියක වන නදීෂා සජිවිණි මහත්මිය සහ පුත් ජීවන් විශ්වරත්න දිසානායක මහතා වකුගඩු රෝගීන් සුවපත් කිරීමේ උතුම් කාර්යයට සම්බන්ධ වෙමින් මහගු කාර්යයක් සිදු කරයි. වෛද්‍ය ,දේශබන්දු කුලරත්න මහතා වකුගඩු රෝගීන් සුවපත් කිරීමට අමතරව දියවැඩියාව , අංශභාගය , සුසුම්නා රෝග නිවාරණය කිරීම සදහාද ප්‍රචලිතය.

www.helawedarala .lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here