Home ජෝතීර්වේදය ලොව නිවැරදිම අනාවැකි පැවසිය හැකි අරුම පුදුම කාලාම්ස ජෝශ්‍ය

ලොව නිවැරදිම අනාවැකි පැවසිය හැකි අරුම පුදුම කාලාම්ස ජෝශ්‍ය

1001
0
SHARE

කාලාම්ස ජෝශ්‍යට අනුව ඔබගේ හඳහන පරීක්ෂා කර ගැනීමේදී වෙනත් ජෝශ්‍ය ක්‍රමවලට වඩා 100%ක් නිවැරදිව සහ සාර්ථකව අනාවැකි පල කල හැකි බව කරන ලද පරීක්ෂණ වලින් සනාථ වී තිබේ. සාමාන්‍යෙයන් යමෙකුගේ ජන්ම පත්‍රය පරීක්ෂාවේදී ඔහු ඉපදුනු ස්ථානයත් දිනය සහ වේලාවත් සාමාන්‍ය ජෝශ්‍ය ක්‍රමයේදී නිවැරදිව හදුනාගත නොහැක. නමුදු මින් ඔබ්බට උප උප න්‍යායන් ඔස්සේ සූක්ෂමව පරීක්ෂා කර බලා පරමානුක වේලාවට තත්පරය 16ට බෙදා වෙන්කර නාඩිවේදය හා සැසදේමේදී ලැබෙනා ප්‍රතිඵලය සූක්ෂමව විමසීමෙන් හා ජන්මපත්‍ර ලාභියාගේ ඉතාමත් ලගම ඤාතීන් තිදෙනෙකුගේත් හදහන් පරීක්ෂා කොට ලබාගන්නා තොරතුරු විස්ලේෂණය කිරීමෙන් අනතුරුව අනාවැකි පැවසීම සරල කාලාම්ස ක්‍රමයයි.

සාමාන්‍යෙයන් මෙසේ උදාහරණයක් ගෙන දැක්විය හැකිය.ඔබ නිල් ජලය පිරි වතුර භාජනයක් දෙස බලන්න. එය පිරිසිදු බව ඔබට බැලූ බැල්මට පැවසිය හැක. ඉන් පසු වතුර දෝතක් දෑතට ගෙන තවත් ලංව බැලූ කල එහි යම් යම් ගැටලු තිබෙනවානම් ඔබට දර්ශනය වේ. තවත් සිතා බලා එම ජලය ස්වල්පයක් අන්වීක්ෂයක තබා පරීක්ෂා කිරීමේදී එහි ඇති බැක්ටීරියා සහ විසබීජ ඔබට පෙනෙනවා සැකයක් නැත.ඔබ ජලය පිරිසිදු යැයි මුලින් ගත් තීරණය සත්‍ය නොවන බව ඔබට දැන් වැටහෙනවා ඇත. කාලාම්ස ජෝශ්‍ය ක්‍රමයද හරියට ඔබ අන්වීක්ෂයෙන් ජලය දෙස බැලුවා වැනි හරි මෙන්ම නිවැරදී තීරණය ලබා දේ. අනෙකුත් ජෝශ්‍ය ක්‍රම වලින් පෙනෙන්නට ඇත්තේ ඔබ කිසිදු අන්වීක්ෂයක් හෝ උපකරණයකින් තොරව ජලය දෙස බලා පිරිසිදු යැයි ගත් වැරදි තීරණය වැනි සත්‍ය නොවන අනාවැකියකි. සාමාන්‍යෙයන් ඕනෑම ජෝශ්‍ය ක්‍රමයක් අයනය මත පදනම්ව ගණිත ක්‍රම මගින් අනාවැකි පැවසුවද වසර 10000කට වඩා ඉපැරණි අයනය හා ගණිත ක්‍රමය මේවන විට නිවැරදි නොවේ.

එයට හේතුව වසර ගණනක් තිස්සේ ග්‍රහලෝක අතර දුර සුලුවශයෙන් වෙනස් වීම. තරු පංති විනාශ වීම වැනි කාරණා හේතුකොටගෙන ඉපැරණි අයනාම්සය වෙනස්ව තිබීමයි. එහෙත් කාලාම්ස ක්‍රමය සදහා යොදාගනු ලබන්නේ නාසා ගගණ අයන් ආම්සය වන අතර එය දැනට අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීම ගුවන් යානා නිරුපද්‍රිතව ගොඩබෑම. නාවික යාත්‍රා නිරුපද්‍රිතව යාත්‍රා කිරීම සදහා විද්‍යාඤයින් සොයාගෙන ඇති නිවැරදිම ගණිත ක්‍රමයකි. උදාහරණයක් ලෙස කටුනායක ගුවන්තොටුපලින් නික්මෙන ගුවන්යානයක් ලංඩන් හීතෝ ගුවන්තොටපල වෙත ගොඩබානවායැයි සිතන්න. යානය අහසට නැගුනු වෙලේ සිට හීතෝ ගුවන්තොටුපල වෙත ගොඩබාන අවස්ථාව දක්වා එහි ආනතිය පවා වේගය පවා ගොඩබාන වේලාව පවා තීරණය කරනු ලබන්නේ මා ඉහත පැවසූ නාසා ගගන අයනය කේන්ද්‍ර කොටගෙනය. එය ගණිත ක්‍රමයකි. ගණිත ක්‍රමය වෙනස් වුවහොත් යානය ගොඩබෑමේදී ස්ථානය ප්‍රෙව්ගය ආනතිය වෙනස්වී මහා විනාශයක් සිදුවිය හැකිය.

එසේනම් එම ගගණ අයනයට අනුව නිර්මාණය වූ කාලාම්ස ගණිතයෙහි අනාවැකි වෙනස්වීමට ඇත්තේ 99.99%ක සමභාවිතාවකි. සාමාන්‍ය ජෝශ්‍ය ක්‍රමවලදී වෙලාව සකසනු ලබන්නේ විනාඩියෙන් විනාඩියට වුවද කාලාම්ස ගණිත ක්‍රමයේදී තත්පරය 16න් බෙදා අනාවැකි පැවසීම නිසා එහි අනාවැකි ඉතා නිවැරදි අගයක් ගනී. බොහෝ ජෝතීර්වේදීන්ගේ අනාවැකි වැරදීමට හේතුව ජෝශ්‍ය ක්‍රමය හා ගණිත ක්‍රමයේ පවතින අදාල අයනයේ වරද බැවින් ඒවා ඔවුන්ට තේරුම්ගැනීමටද නොහැකිය. අනිත් අතට කාලාම්ස ක්‍රමයේදී ඔබගේ ජන්ම පත්‍රය ඔබගේම හැඩරුව සමගද ගැලපීමක් සිදුකරයි. එහිදී ඔබ ඔබව ලෙස නිස්චය කරගැනීමේ  ක්‍රියාව සදහා ඉපැරණි නාඩිවෙදයද ඔබ ජන්ම පත්‍රය සමග කාලාම්ස ක්‍රමයේදී ගලපනු ලබයි. එයිනුත් සෑහීමකට පත් නොවී ඔබගේ පවුලේ ලගම ඤාතීන් 3දේනකුගේද ජන්මපත්‍ර පරීක්ෂාකරගැනීමෙන් අනතුරුව ඔබ වෙත අනාවැකි පැවසීමට කාලාම්ස වේදියා කටයුතු කරනු ලබන්නේ ජන්ම ලාභියාට නිවැරදිව තොරතුරු ලබාදීමට අවශ්‍ය නිසාය.

ඔබට උදාහරණයක් ලෙස මෙලෙස දැක්විය හැක. ඉදිරි දින 2 3 තුලදී ඔබ මියයාමට නියමිතයැයි ජන්ම පත්‍රෙය් සදහන් වේනම් කාලාම්සයට අනුව ප්‍රතමෙයෙන් එය නාඩිවේදය සමග සසදයි. ඉන්පසු ඉපදුනු වේලාව ඔබගේම යැයි තීරණය කරගැනීමෙන් අනතුරුව ඔබගේ මවගේ බිරිදගේ හා දරුවකුගේ ජන්ම පත්‍ර පරීක්ෂාකලායැයි සිතන්න. ඔබ අනිවාර්යෙන්ම ඉදිරි දින 2 3 තුල මියයාමට කරුණු යෙදී ඇත්නම් ඔබගේ බිරිදගේ ජන්ම පත්‍රය තුලින් අස්වාමික බව පෙන්විය යුතුය. දරුවාගේ ජන්ම පත්‍රය තුලින්ද ඔබ සෙනෙහස අහිමිවීම පෙන්විය යුතුය. මවගේ ජන්මපත්‍රය තුලින්ද ඔබගේ මියයාම සනිටුහන් විය යුතුය. මේ සියල්ල නිවැරදිනම් ඔබ මියයන දිනය ඉදිරි දින දෙකෙහි අසවල් වේලාවයැයි කාලාම්ස වෙි්දියාට පැවසිය හැකිය. එහෙත් එම තීරණයද 100%ක් නිවැරදි වීමට හැකියාවක් නැත. එයට හේතු ගණනාවක් බලපායි. උදාහරණයක් ලෙස ගසක අත්තක ඇති අඹ ගෙඩියක් ගැන සිතන්න. එය බිම වැටෙන්නේනම් ගුරුත්වාකර්ෂණයට අනුව අඹ ගෙඩිය වැටෙන ස්ථානය පිලිබදව අපට කලින් නිගමණයකට එලබීමට හැක. එය ඔබටද මටද තීරණය කිරීමට හැකි අතර අප බලාපොරොත්තු වෙමින් සිටින ස්ථානයට පතිත වේ යැයි ඔබත් මමත් බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. එහෙත් හදිසියේ ඇතිවන සුලගක් නිසා හෝ අඹ ගසෙහි යම් බිදීමක් නිසා අඹ ගෙඩිය අප සිටින ස්ථානයෙන් බොහෝ දුරට විසිවී යා හැක. එය අනපේක්ශිත සිදුවීමකි.

ලොව විශ්වය නිර්මාණය වී පවතින්නේ න්‍යායන් 5ක් මත බව ලොවුතුරු බුදුරජාණන් වහන්සේගේ දර්ශනයයි. ජෝශ්‍ය හා කාලාම්සය කෙතරම් නිවැරදි වුවද එයින් පිලිබිඹු වන්නේ එහි එක් අවස්ථාවක් පමණක් වන බැවින් තවත් න්‍යායන් 4ක් ඉතිරිව තිබෙන විශ්වහෙහි කර්මයට පටහැනි බොහෝ දේ සිදුවිය හැක. එබැවින් කර්මය පමණක් පදනම් කරගෙන පැවසෙන අනාවැකි වල වෙනසක් ඇතිවිය හැකි බව බුද්ධ වචනයයි. රිතු ස්වභාවික කර්ම වැනි න්‍යායන් 5ක් මත මෙම විශ්වය තුල නොයෙකුත් දේ සිදුවන බැවින් සියලුම දෝශ කර්මයට බාරදීම ගෝචර නොවේ. ඔබට කුසලතාවය වර්ධනය කරගැනීමෙන් බොහෝ ගැටලුවලට පිලිතුරු සපයා ගත හැක. තවත් විශේෂම කරුණක් නම් ග්‍රහපල සහ ග්‍රහ දෝෂ යැයි පැවසෙන බොහෝ දේ තරංග සංඛ්‍යාත්මක අගයක් ගන්නා බව කාලාම්සය නිර්මාණය කල දුරදිග ගුවන්විදුලි සංඤා ඉංජිනේරුවකු වන  එස් එම් කුලාර් මහතා පවසයි. ඒ මහතා ගේ ඉගැන්වීම් වලට අනුව ලොව සියලුම ද්‍රව්‍යන් සදහා 0 සිට අනන්තය දක්වා තරංග ආයමයන් තුල සියල්ල සිදුවේ. පරමාණුකවාදයෙන්ද එය පිලිගැනීමට ලක්වන අතර ලොව සියලුම දෙනා 0 සිට අනන්තය දක්වා වූ ආයාමයන් අතරේ සරති.

ඔබට කාලාම්ස ජෝශ්‍ය වේදියකුගේ සේවය ලබාගැනීමේදී වෙනත් ජෝශ්‍ය ක්‍රමවලට වඩා 90%ක සත්‍ය සහිත අනාවැකි පැවසීමේ හැකියාවක් ඇති අතර අනිකුත් සියලු ජෝශ්‍ය ක්‍රම අභාභවා කාලාම්සය ඉදිරියෙන් සිටිති. කෙතරම් ජෝශ්‍ය නිවැරදි වුවුද ඔබගේ හැකියාවෙන් මේ සියල්ල පැරදවිය හැකි බව සිතන්න. ලබන සතියේදී කාලාම්ස න්‍යායන් සමග හමුවෙමු.

දේශබන්දු හෙළ විද්‍යා කීර්ති මානව සම්පත් පෞර්ශත්ව උපදේශක සුලු අපනයන භෝග අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය උපදේශක කාලාම්ස ජෝශ්‍යය පිලිබද විශාරද ජේෂ්ඨ මාධ්‍යෙව්දී සාගර සම්පත් ජයසිංහ මහතා පලකල අදහස්…

සාකච්ඡාව මෙහෙයවූයේ දිල්ශාන් රමේශ්………

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here