Home හෙළ වෙදකම ලාදුරු ගැන ඔබ නොදන්නා තොරතුරු ගැන දැනගමු

ලාදුරු ගැන ඔබ නොදන්නා තොරතුරු ගැන දැනගමු

612
0
SHARE

මෙම රෝගය පිලිබදව සියලුම තොරතුරු මෙම ලිපියේ ඇති බැවින්,
සම්පුර්ණ ලිපිය කියවන්න…

ලාදුරු රෝගයේ රෝග කාරකය කුමක්‌ද ?

“දණ්‌ඩාකාර බැක්‌ටීරියාවක්‌ වන මයිකෝ බැක්‌ටීරියම් ලෙප්රේ”

ලාදුරු රෝගය යනු කුමක්‌ද ?

සම් සහ ස්‌නායුවල ඇතිවන බැක්‌ටීරියා ආසාදනයකිග කල් පවත්නා රෝගයකි.

රෝගය තවත් අයකුට බෝකරන ප්‍රභවය කවුරුන්ද ?

ලාදුරු රෝගයේ වර්ග දෙකකි.

බෝනොවන වර්ගය පෝසිබැසිලරි නම් වේ. (Paucibacillary-PB) බෝවන වර්ගය මල්ටිබැසිලරි (Multibacillary-MB) නම් එමනිසා කෙනකුට මෙය බෝවිය හැක්‌කේ බෝවන වර්ගයේ රෝගියකුගෙන් පමණි. නමුත් දැනට පාවිච්චි කරන ප්‍රත්‍යක්‌ෂ බැක්‌ටීරියා නාශක ඖෂධ දින තුනක කෙටි කාලයක්‌ තුළ රෝග කාරකය විනාශ කරන බැවින් ප්‍රතිකාර ගන්නා එක්‌ රෝගියකුගෙන් වත් බෝවිය නොහැකිය.

එමනිසා රෝගය බෝකරන ප්‍රභවය වනුයේ ප්‍රතිකාර නොගන්නා බෝවන වර්ගයේ රෝගීන් පමණයි.

රෝගය තවත් කෙනෙකුට සංක්‍රමණය වන්නේ කෙසේද ?

ප්‍රතිකාර නොගන්නා බෝවන වර්ගයේ (MB) රෝගියකුගේ කැස්‌සක්‌ කිවිසීමක්‌ මගින් ස්‌වසන පද්ධතිය හරහා පරිසරයට පිටවෙන වායු බිංදු මගිනි.

ලාදුරු රෝග කාරක බැක්‌ටීරියාව ශරීරගත වූ සියල්ලන්ටම රෝගය ඇති වේද ?

ඕනෑම භූගෝලීය ප්‍රදේශයක වෙසෙන ජනතාවගෙන් සියයට අසූවකට පමණ ලාදුරු විෂබීජයට විරුද්ධව උත්පත්තියේ සිට ඇති වූ ප්‍රතිශක්‌තියක්‌ ඇත. එම නිසා ඕනෑම ප්‍රදේශයක ජනගහනයෙන් රෝගය බෝවිය හැක්‌කේ සියයට දහයක්‌ පමණ වූ සුළු පිරිසකටය. මොවුන්ටත් බෝවිය හැක්‌කේ රෝග ප්‍රභවය වන ප්‍රතිකාර නොගන්නා බෝවන වර්ගයේ (MB) රෝගීන් පරිසරයට පිටකරන වායු බිංදුවල ඇති බැක්‌ටීරියා ගැටුණොත් පමණි.

මෙම රෝගයේ රෝග ලක්‌ෂණ මොනවාද ?

ලාදුරු බැක්‌ටීරියා සමටත් පර්යන්ත ස්‌නායුවලටත් හානි පමුණුවයි.

සම මතුපිට ලා පැහැති දුර්වර්ණ දැනීමක්‌ නැති ලප මෙම වර්ගයේ මූලික ලක්‌ෂණයක්‌ වේග මෙවැනි ලප එකක්‌ හෝ වැඩි ප්‍රමාණයක්‌ ශරීරය පුරා (හිසේ හැර) තිබිය හැක. මීට අමතරව සම කහවීම (විශේෂයෙන් කන් පෙති) අඛණ්‌ඩව පවතින හිරි ගතියක්‌ තිබීමට පුළුවන.

ලප සංඛ්‍යාව 5 ට අඩුනම් එය බෝනොවන වර්ගයේ (MB) ලාදුරු වේ. ලප සංඛ්‍යාව 5 ට වැඩිනම් එය බෝවන වර්ගයේ (MB) ලාදුරු වේ.

කලාතුරකින් බොහෝ විට පමා වී පැමිණෙන ඉතා සීමිත රෝගීන් සංඛ්‍යාවක්‌ තුළ, පර්යන්ත ස්‌නායු වලට රෝගය පැතිරීම නිසා විකෘතිතා දක්‌නට ඇත. ඇගිලි වකුටු වීම සහ පාදයේ වළලු කරින් පහළ කොටස අප්‍රාණික වීම නිසා පාදය ඇදගෙන යැම වැනි විකෘතිතාවන්ය.

පමාවී පැමිණෙන ඉතාමත් සිමිත රෝගීන් සංඛ්‍යාවකට පාදයන්හි සංවේදී ස්‌නායු තුවාල වීම නිසා යටි පතුල් තුළ දැනීමක්‌ නොමැතිකමින් නිතර නිතර තුවාල ඇතිවීමට ඉඩ ඇත. (දියවැඩියා රෝගීන්ට ඇතිවන තුවාලවලට) සමානය.

ලාදුරු රෝගයේ ප්‍රතිකාර මොනවාද ?

  • 1983 සිට ලාදුරු රෝගය සඳහා කෙටිකාලීන ප්‍රත්‍යක්‍ෂ ඖෂධ ඇත.
  • රෝගයේ වර්ගය අනුව ප්‍රතිකාර කාලසීමා වෙනස්‌ වේ.
  • බෝ නොවන වර්ගය සඳහා ඖෂධ වර්ග දෙකකිග මෙම මාසික ඇසුරුම මාස හයක කාලයක්‌ තුළ නොකඩවා පාවිච්චි කළ යුතුය.
  • බෝවන වර්ගය සඳහා තවත් අමතර ඖෂධයන් ඇතග ප්‍රතිකාර ගන්නා කාලසීමාව මාස 12 කි.

මෙම ඖෂධවල අතුරු ආබාධ මොනවාද ?

  • අතුරු ආබාධ සීමාසහිතයග සියයට අනුවක්‌ රෝගීන්ට කිසිම අතුරු ආබාධයක්‌ හට නොගනීග සෑම මසකම ප්‍රතිකාර ගන්නා මුල් දිනයේ මුත්‍රා රතුපාට වීම මසකට වරක්‌ ගන්නා (Rifampicin) ඖෂධයේ ඇති සායම් වර්ග නිසා වේ. මෙය සාමාන්‍ය සිදුවීමක්‌ වන අතර ඒ ගැන බිය විය යුතු නැත.
  • බෝවන රෝගීන් භාවිත කරන (Clofazmine) ඖෂධය සමහර රෝගීන්ගේ සම දුර්වර්ණ කිරීමක්‌ සිදුවේ.
  • ප්‍රතිකාර ගන්නා කාලය තුළ ඇස්‌ සහ මුත්‍රා කහ පාට වීම, කෑම අරුචිය සහ මද උණ ගතිය මෙම ඖෂධ අක්‌මාවට හානි සිදුකිරීමෙන් ඇතිවන (Hepatitis) රෝගයේ රෝග ලක්‌ෂණයන්ය. මෙවැනි රෝග ලක්‌ෂණ දුටු වහාම ප්‍රතිකාර නවතා වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුය. කෙසේ නමුත් මෙය ඉතාම සීමිත රෝගීන් ප්‍රමාණයකට පමණක්‌ ඇතිවිය හැකි අතුරු ආබාධයකි.

විකෘතිතා සඳහා ප්‍රතිකාර තිබේද ?

රෝගයේ මුල් අවස්‌ථාවේ ප්‍රතිකාර ගැනීමෙන් විකෘතිතා ඇතිවීම සම්පූර්ණයෙන්ම වළක්‌වා ගත හැක.

ඇඟිලි වකුටුවීම සහ පාදයේ වළලුකරින් පහළ ප්‍රදේශය අප්‍රාණික වීමල මුල් අවස්‌ථාවේදි නම් ඖෂධ වලින් සහ පසුව සරල ව්‍යායාම් වලින් සහ ශල්‍යකර්මවලින් සුවකළ හැකිය.

”පාදයේ දැනීම නොමැතිකමින් ඇතිවන තුවාල සාමාන්‍ය ප්‍රතිකාරවලින් සුවකළ හැකි නමුත් ඒ පිළිබඳ පරිස්‌සම් නොවුවහොත් දියවැඩියා රෝගීන්ට මෙන් නිතර නිතර තුවාල ඇති වේ.”

පාදවල තුවාල ඇතිවීම ලාදුරු රෝගයේ මූලික ලක්‌ෂණයක්‌ නොවේ. තව ද ලාදුරු ඖෂධ නියමිත ප්‍රමාණයට ලබාගත් රෝගියකුට තුවාල තිබීම හේතුවෙන් තවදුරටත් ලාදුරු ප්‍රතිකාර දීම අනවශ්‍යය. කෙසේ නමුත්, ලාදුරු මර්දන ව්‍යාපාරය මගින් තුවාල ඇති රෝගීන් වෙනුවෙන් විශේෂයෙන් පිළියෙළ කළ පාවහන් කුට්‌ටමක්‌ නොමිලයේ සපයනු ලැබේ.

ලාදුරු සුවකළ හැකි රෝගයකි.

  • බෝ නොවන වර්ග මාස 6 ක සහ බෝවන වර්ග මාස 12 ක නොකඩවා නිසි ප්‍රතිකාර ගැනීමෙන් සම්පූර්ණයෙන් සුවකළ හැකිය.
  • රෝගීන් රෝහල්ගත කිරීමක්‌ හෝ වෙන්කර තබා ගැනීමක්‌ අවශ්‍ය නොවේ.
  • රෝගය සාමාන්‍ය පුද්ගලයකුට බෝකළ හැක්‌කේ ඉතාම සීමිත රෝගීන් පිරිසකට පමණි.
  • රෝගය සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ද සියයට අනූවකට බෝවන රෝගියකු ඇසුරු කළත් බෝ නොවේ.
  • රෝගයේ මුල් අවස්‌ථාවේ ප්‍රතිකාර ගැනීමෙන් විකෘතිතා වළකාගත හැකිය.

පමාවී ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් සුළු පිරිසකට ඇඟිලි වකුටුවීම හා පාදයේ වළලුකරින් පහළ කොටස අප්‍රාණික වීම වැනි විකෘතිතා ඇති වුවත් සරල ව්‍යායාම්වල භෞතික චිකිත්සක ක්‍රම සහ ශල්‍යකර්ම මගින් ද ඒවා නිවැරැදි කිරීමේ පහසුකම්ද ඇත.

  • රෝගයේ මූලික ලක්‌ෂණයක්‌ වනුයේ සමේ ඇතිවන දැනීමෙන් තොර ලපය.
ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් වාර්තා වන දියවැඩියා රෝගීන්ගේ ස්‌නායු දුර්වලතා නිසා පාදවල නිතර නිතර ඇතිවන තුවාලවලට සමාන තත්ත්වයක්‌ ලාදුරු රෝගීන් ඉතාම ස්‌වල්ප දෙනෙක්‌ට ඇතිවීමට ඉඩ ඇතත් ආරක්‌ෂිත පාවහන් භාවිතයෙන් අවම කරගත හැකිය.

ඇඟිලි වැටීම ලාදුරු රෝගයේ ලක්‌ෂණයක්‌ නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here