Home යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් යුරෝපී විශ්වාස හා යන්ත්‍ර මන්ත්‍ර 1 කොටස

යුරෝපී විශ්වාස හා යන්ත්‍ර මන්ත්‍ර 1 කොටස

342
0
SHARE

Witchcraft යනු අප අවට ස්වභාවධර්මයේ ඇති ගුප්ත ශක්තීන් භාවිතා කර ගෙන අපේ එදිනෙදා පහසුව, දියුනුව සහ සතුට වෙනුවෙන් යොදා ගැනීමයි. ඔබටම කල හැකි, ඉතා සරල සහ බලගතු (එමෙන්ම ආරක්ෂාකාරී) මායා මන්ත්‍ර සහ ගුරුකම් බොහෝමයක් අපි ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.

ඈත අතීතයේ සිටි මිනිසුන් ස්වභාව ධර්මයේ වෙනස් වීම් අවබෝධ කරගත නොහැකිව, ඒවාට බොහෝ භය තැතිගැන්ම ඇති කරගෙන, ඒවාට දේව සහ යක්ශ ස්වරූප (Archetypes) ලෙස විශ්වාස කලෝය. මේ අතර සිටි බුද්ධිමත් පිරිස ස්වභාව ධර්මයේ සෘතු වෙනස් වීම, සූර්යයාගේ, පෘථිවියේ සහ චන්දයාගේ ගමන් රටාව, සතුන් සහ ගස් කොලන් වල සෘතු සමග ඇති වන වෙනස් වීම් අවබෝධ කර ගත් හ. ස්වභාව ධර්මයේ ගුප්ත ශක්තීන් අවබෝධ කරගත් අය ලෝකය පුරාම පුරාන කාලයේ සිට ඔවුන් සමඟ සිටි ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූහ. යුරෝපයේ, විෂේශයෙන් ම එංගලන්තයේ මේ අය “Wiccae” නමින් හැඳින්වුනි.

ශතවර්ශ ගනනාවක් තිස්සේ නොයෙකුත් බාධා මැද, බටහිර මායා මන්ත්‍ර ශාස්ත්‍ර එකතැන පල් නොවී දිනෙන් දිනම දියුනු විය. පෙරදිග, මැදපෙරදිග, සහ ඇමරිකාන-ආදිවාසී වැනි විවිධ ගුප්ත ශාස්ත්‍ර ක්‍රම වලින් සුදුසු දේ එකතු කර ගනිමින් විකාශනය වූ බටහිර මායා ශාස්ත්‍ර ක්‍රම අද ඉතා දියුනු මට්ටමක ඇත. ඒවා සමහරක් ඉතා පහසුවෙන් කල හැක. ඕනෑම මට්ටමක කෙනෙකුට අවබෝධ කර ගත හැක.

අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් ආරක්ෂාකාරී මායා මන්ත්‍ර ශාස්ත්‍ර. නමුත් අතිශය බලගතු යුරෝපීය ගුරුකම් ක්‍රම සමහරක් කිරීමට පෙර බොහෝ අත්දැකීම් තිබිය යුතුයි. ඔබ ආධුනිකයෙක් නම් Goetia, Solomonic Magic, Invocation, Santeria, Voodon වැනි අධි බලගතු ක්‍රම අත්හදා බැලීමෙන් වලකින්න. මේවා සම්බන්ධ පොත් ලියා ඇත්තෙ විෂේශ දැනුමක් බුද්ධියක් නැති කෙනෙකුට අවබෝධ කරගත නොහැකි ලෙසටයි.

මෙහිදී අප ඔබට ගෙන එන්නේ ආධුනිකයෙකුට වුවද පහසුවෙන් ආරක්ෂාකාරීව කල හැකි ක්‍රම. ඉටි පන්දම්, පලිඟු ගල්, කඩදාසි, සුවඳ දුම්, ජලය, ලුනු, මල්, පලතුරු, කුළු-බඩු වැනි ඔබට සොයාගැනීමට හැකි දේවල් භාවිතා කර මේවා බොහෝමයක් කල හැක.

ඇපල් ගෙඩියෙන් කරන මායා මන්ත්‍ර ශාස්ත්‍ර (Apple Spells)සංස්කරණය

ඇපල් ගෙඩිය සහ පෙති පහක් ඇති රෝස මල සංකේතාර්ථ වන්නේ රහස් දැනුම සහ බුද්ධියයි.

ඇපල් ලෙස අද කාලයේ අපි සලකන්නේ වඩා ජනප්‍රිය වූ ඇපල් පලතුර; නමුත් මධ්යකාලීන යුරෝපයේ ඇපල් ලෙස හැඳින්වූයේ පෙති පහක් ඇති, ඕනෑම, රෝස පවුලේ (Rosaceae – rose family) ගසකින් ලැබෙන පලතුරක්. එම නිසා මේ මායා මන්ත්‍ර ශාස්ත්‍ර සඳහා ඇපල් වැනි (මැද බීජ කෝෂ පහක් ඇති) ඕනෑම පලතුරු වර්ගයක් (පෙයාස් දෙළුම්, දාතුරා, තක්කාලි ආදී..) යොදාගැනීමේ කිසිම වරදක් නැහැ.

ඇපල් ගෙඩියෙන් කරන ගුරුකම් – කුරුලෑ, ලප නැති කරගැනීමට; සම පැහැපත් කර ගැනීමටසංස්කරණය

ඇපල් ගෙඩියක් ගෙන එය මැදින් හරහට කපන්න. මෙසේ කැපූ විට එහි ඇට සහිත කොටස පස් කොන් තරුවක් ආකාරයට පෙනේවි. එයින් එක් කොටසක් ගෙන ඔබේ මුහුනේ හෝ අවශ්‍ය ප්‍රදේශයේ සෙමින් අතුල්ලමින් මෙසේ කියන්න:

“ඇපල් ගෙඩියයි මේ, පූජනීය ඵලය දේවතාවියගේ, ඔබේ ත්‍යාගයයි මේ..”

“ස්පර්ශ කරමි මත, මේ කුරුලෑ/ලප, පන්නා දමමි මම…”

දැන් වෙනත් ඇපල් ගෙඩියක් ගෙන එය උඩ සිට පහලට, දික් අතට, දෙකට කපන්න. මෙයිනුත් එක භාගයක් ගෙන, ඒ අවශ්‍ය ප්‍රදේශයේ සෙමෙන් අතුල්ලමින්, මෙසේ කියන්න:

“සතුටුයි මා, ආලය කරමි, මගේ රුව මේ ඇති ලෙස..”

“පැහැපත් සම මා වෙත, ලබමි තව රුව සුන්දර”

“එයයි මගේ පැතුම, වේවා එය එසේම..” දැන් ඒ පලමු ඇපල් ගෙඩියේ භාග දෙක; පිටත ඇති ගසක්, මල් පැලයක් හෝ පඳුරක් මුල වල දමන්න. අනෙක් ඇපල් ගෙඩියේ භාග දෙක, ජලය ඇති තැනක, ඇලක් හෝ දොලක් ආසන්නයේ වල දමන්න. මෙය පුරපසලොස්වක දිනයක කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලැබේවි.

ඇපල් ගෙඩියෙන් කරන ශාන්තිකර්මයසංස්කරණය

අද අපි කරන්නට යන්නේ ඇපල් ගෙඩියකින් කරන ශාන්තිකර්මයක්, එය ඉතා සරල ගුරුකමක්. ඔබේ ජීවිතයේ, ශරීරයේ ඇති අහිතකර, නරක දෙයක් නැති කර ගැනීමට, දුරස් කිරීමට මෙය ඉතා සුදුසුයි, (නරක පුරුද්දක්, රෝගාබාධයක්, යම් පුද්ගලයෙක්, වැනි දෙයක් ඉවත් කර ගැනීමට).

මෙය කිරීමට සුදුසු කාලය වන්නේ චන්ද්‍ර මාසයේ 25 වන දිනයත් 28 වන දිනයත් අතරයි. එනම්, අමාවක දිනකට ආසන්නව, ඊට (සතියකට පමන) පෙර; පසලොස්වක දිනකට සති 3 කට පසු.

මෙම ගුරුකමට මන්ත්‍ර අවශ්‍ය නොවේ, වැදගත් වන්නෙ ඔබේ චිත්ත ඒකග්‍රතාවය, චිත්ත රූප දැකීමේ හැකියාව සහ අධිශ්ඨානයයි.

අවශ්‍ය ද්‍රව්ය:

  • ඇපල් ගෙඩියක්
  • ලුණු කුඩු (මේස ලුණු, මුහු දු ලුණු හෝ දිය ලුණු වුවද ගත හැක)
  • ඇපල් ගෙඩිය මතුපිට කපා රූප ඇඳීමට හැකි කුඩා කටුවක්, හෝ පෑන-පිහියක්
  • පොලවේ කුඩා වලක් හෑරීමට සුදුසු මෙවලමක් (උදැල්ලක් හෝ ඉස්කෝප්පයක්)
  • අධිශ්ඨානය!

කරන ආකාරය:

  • ඇපල් ගෙඩිය අත් දෙකෙන්ම ගෙන, හොඳින් ලං කරගන්න. සිත සන්සුන් කරගන්න.
  • ඔබේ ජීවිතයෙන්, ශරීරයෙන් ඈත් කරගත යුතු දේ (නරක පුරුද්දක්, යම් පුද්ගලයෙක්, රෝගාබාධයක් වැනි දෙයක්) ගැන මෙනෙහි කරන්න.

කටුව හෝ කුඩා පිහිය ගෙන, ඇපල් ගෙඩිය මත සංකේත හෝ වචන වලින් ඔබට නැති කල යුතු දේ ගැන කපන්න. මේ අතරතුර එම දේ ගැන හොඳින් සිත යොමු කරන්න.

  • ඉන් පසු, ඔබ කැමති, සුදුසු යැයි සිතෙන බල-සංකේත (පස් කොන් තරුව, දේවතාවියගේ චන්ද්‍ර සංකේතය, ශුද්ධ-වූ-ත්‍රිත්වය සංකේතය, පුරාණාක්ශර, යන්ත්‍ර)
  • දැන්, ඔබ කැටයම් කල ඇපල් ගෙඩිය අතට ගෙන, හොඳින් නරඹමින්, ඔබේ ජීවිතයෙන්, ශරීරයෙන් ඉවත් කරගත යුතු දේ ගැන මෙනෙහි කරන්න.
  • එම දේ ඔබේ ශරීරයෙන්, ජීවිතයෙන් ඉවත් වී ඇපල් ගෙඩිය තුලට ඇදී යන බව චිත්ත රූප වලින් දකින්න; නරක සියල්ල ඔබේ ශරීරයෙන් ඉවත් වී ඇපල් ගෙඩිය මගින් උරාගන්නා බව ඔබට දැනෙන්නට පටන් ගනීවි.
  • දැන්, මේ ඇපල් ගෙඩිය වැලලීම සඳහා නිවසට හැකි තරම් දුරින් සුදුසු ස්ථානයක් සොයා කුඩා වලක් හාරන්න.
  • වලේ පතුලට ලුණු ස්වල්පයක් ඉසින්න.
  • ඉන් පසු, වල තුල ඇපල් ගෙඩිය තැන්පත් කර, තම අතින් ම පස් ගෙන වල වසන්න. පස් වලින් ඇපල් ගෙඩිය වැසෙන ආකාරය සහ පස් අතට දැනෙන ආකාරය ගැන සිහිය යොමු කරන්න.
  • දැන්, වැසූ වල මතට වාමාවර්තව (ඔරලෝසු කටු කැරකෙන දිශාවට විරුද්ධ දිශාවට) ලුණු කුඩු ඉසින්න
  • ඇපල් ගෙඩිය දිරාපත් වෙද්දී ලුණු මගින් එම අහිතකර ශක්තිය ඉවත් වී, නැවත ඔබ වෙත ඒම වලකී.

මෙය පෘථිවි ධාතුවට සම්බන්ධ ගුරුකමක්, ඒ නිසා මෙය ප්‍රතිඵල දෙන්නේ ටිකක් විතර හෙමින්. අග්නි ධාතුව හෝ වායු ධාතුව සම්බන්ධ ගුරුකම් සමඟ සන්සන්දනය කර බැලුවොත්, ඒවා ඉතා ඉක්මනින් පල දෙනවා. උදාහරනක් විදිහට මෙම කාරනය සඳහාම අග්නි සහ වායු ධාතු මගින් කිරීමට: ඔබට නැති කරගත යුතු දේ කොල කැබැල්ලක ලියා, කලු ඉටිපන්දම් දැල්ලකින් දල්වා අලු කර සුලඟේ යැවීම දැක්විය හැකියි. ඒත් එවිට ඉතා ඉක්මනින් ජීවිතයේ සිදු වන වෙනසක් ඔබට දැනේවි. විශාල වෙනසක් බලාපොරොත්තු වන විට සෙමින් ප්‍රතිඵල දෙන ගුරුකම් ක්‍රමයක් අත්හදා බැලීම නුවනට හුරුයි. ඔබේ ජීවිතයට ඇතිවන කුඩා වෙනසක් නම් ඉක්මනින් ප්‍රතිඵල දෙන ගුරුකම් ක්‍රමයක් යොදාගත හැකියි.

ඇපල් ගෙඩිය දිරාපත් වෙනවාත් සමඟ ඔබට ප්‍රතිඵල දැනෙන්නට පටන් ගනීවි

www.helawedarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here