Home යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් බහිරවයා යනු කවුද

බහිරවයා යනු කවුද

539
0
SHARE

වසර ගණනාවකට පළමු පාලන යුගවලදී විශේෂයෙන් පිරිමි දරුවන් බිලි පූජාවට ගැනීමට එතරම් අරුමයක් නොවේ. සිංහල රජ සමයෙහි පිරිමි දරුවන් මරා දැමූ අවස්ථා සුලභය. ඉන්දියාවේ සමහර ප්‍රාන්තයන්හි පවුලක පළමුවෙන් ගැහැණු දරුවකු ඉපදුන කල අප්‍රසාදයක් දක්වති. අපේ සමහර ගැමි පවුල්වලද ඒ අන්ධ විශ්වාසය තවමත් දක්නට ඇත. ඇතැම් ගෝත්‍රික සමාජවල පළමුවෙන් ඉපදෙන ගැහැණු දරුවා මරා දමන බවට වාර්තාවේ.

සිංහල රජුගේ සිරකරුවකු වශයෙන් සිටි ඉංගී‍්‍රසි ජාතික රොබට් නොක්ස් සඳහන් කරන පරිදි එදා උඩරට පවුලකට කුළුඳුලේ පිරිමි දරුවකු ලැබුණේ නම් ඒ දරුවා අනිවාර්යයෙන්ම බහිරව දේවාලයට ගෙන ගොස් මරා බහිරවයා වෙනුවෙන් පුද පූජා කොට වළලා දැමිය යුතු විය. සෙංකඩගල රජ සමයේදී බහිරව පූජා විශාල වශයෙන් පවත්වන ලද බවට තොරතුරු සඳහන් වේ. බහිරව පූජා සඳහා බහිරව දේවාලයක් ද තිබිණි.

ලෝක ප්‍රසිද්ධ දර්ශනීය බුදුපිළිමයක් ඉදිකර ඇති බහිරව කන්ද අද මහනුවර නගරයට මහත් අලංකාරයකි. බහිරව දේවාලය පිහිටා තිබී ඇත්තේ එම දර්ශනීය කඳු ගැටය මතය. පිරිමි දරුවන් බහිරවයා වෙනුවෙන් මරා පූජා පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් 1812 දී පමණ ඇහැලේපොළ මහාදිකාරම් විසින් පනවන ලදී. ඉන් රොබට් නොක්ස්ගේ සටහන් සනාථ වේ. ජෝන් ඩොයිලිගේ දින පොතෙහි 1812 ජනවාරි 13 වන දින සටහන අනුව උඩරට ළදරුවන් බිලි පූජා වෙනුවෙන් බහුලව මරා දමන ලද බැව් දැක්වේ.

ගෝත්‍රික සමාජවලදී සුරූපී කන්‍යාවන් බිලි පූජාවලට භාජනය කරන ලද අවස්ථා ගැන ද වාර්තා වේ. මේ පිළිබඳව ජනප්‍රවාද රාශියක් විවිධ රටවලින් දැනගත හැකිය.

බහිරව කන්දට අරක් ගත් බහිරවයා ගැන විවිධ ජනප්‍රවාද ගැමි ජනතාව අතර පවතී. ගොයම් පෑගීමෙන් පසු කමත මනින අවස්ථාවල බහිරවයා ඒ කමතට අරක්ගෙන සිටියහොත් වී ගොඩ අඩු නොවන බවත්, තණ්හාවෙන් බැත (වී) මලුවලට අනවශ්‍ය ලෙස පුරවා ගතහොත් මුළු බැත (වී) ගොඩම දා අලු වී යන බවත් පැරණි ගොවියෝ විශ්වාස කළහ. ට්‍රැක්ටරයේ ආගමනයෙන් පසු බහිරවයා පමණක් නොව බොහෝ දෙවිවරු අද ගොයම් කමත පෙනෙන ඉසව්වට එන්නේ නැත. ඒ ගැන වෙනම කතා කළ යුතුය.

යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් මේ අදෘශ්‍යමාන බහිරවයා අල්ලාගෙන උගෙන් වහලෙකු ලෙසින් වැඩ ගත් ඌවේ මොහොට්ටාල නමැති දක්‍ෂ මන්ත්‍රාචාර්යවරයෙකු ගැන තොරතුරු පවතී. ඌවේ මොහොට්ටාල යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයන්හි කෙළ පැමිණි දක්‍ෂයෙකු සේම නක්‍ෂත්‍ර ශිල්පය, කවි කලාව ගැන ද වියත් දැනුමෙන් යුක්ත විය.

වහලෙකු ලෙස සිටි බහිරවයා ඌවේ මොහොට්ටාල කෙරෙහි දැඩි වෛරයකින් හා ද්වේෂයකින් පසු විය. තමාටත් වාරයක් එතැයි තරු ගනිමින් සිටි ඔහු සුදුසු අවස්ථාව උදාවනතුරු සිටියේය. හරියටම එල්ලය බලා මොහොට්ටාලගේ හිසට ගලකින් ගසා මරා දැමූ බවත්, උඩරට ගැමි ජනතාව අතර අදත් විශ්වාසයක්ව

www.helawdarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here