Home යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් පලිගු සහල්වලින් දියනුවේ මායාව.යුරෝපා යන්ත්‍ර මන්ත්‍ර අවසාන කොටස

පලිගු සහල්වලින් දියනුවේ මායාව.යුරෝපා යන්ත්‍ර මන්ත්‍ර අවසාන කොටස

486
0
SHARE

සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන පලිඟු බිහි වීමට අවුරුදු දස දහස් ගනනක් ගතවේ. ඛනිජ ද්‍රව්ය (විශේෂයෙන්ම සිලිකන්) රටාවකට අනුව එක මත එක තැන්පත් වීමෙන් මේවා හට ගනී. මෙසේ තැන්පත් වන සිලිකන් අතරට විවිධ ලෝහ වර්ග එක් වීමෙන් පලිඟු ස්පටික වලට විචිත්‍ර වර්ණ ලැබේ. එක සමාන දේවල් එකට ආකර්ශණය වීමේ සොබාදහමේ ගුප්ත බලවේගයට අනුව පලිඟු ද දීර්ඝ කාලයත් සමඟ ඉතා සෙමෙන් වර්ධනය වේ. පලිඟු හට ගැනීමේදී ඒ අවට පරිසරයේ ඇති පදාර්ථ සහ ශක්තීන් රටාවකට අනුව ඒ තුල ගැබ් වේ.

අප ශරීරයේ ප්‍රාණය ස්පන්ධ තරංග ලෙස පවතින ආකාරයට සමානව පලිඟු වලද ශක්ති ස්පන්දන ඇති වේ. පරිගනක යන්ත්‍ර, රේඩියෝ, ජංගම දුරකථන සහ උසස් තත්වයේ ඔරලෝසු වල කාලය මැනීමේ මූලික ස්පන්දන තරංග ලබා ගැනීමටද ඉතා කුඩා කෘතීම පලිඟු භාවිතා වේ. පලිඟු වල මේ ශක්ති ස්පන්දන වලින් අප ශරීරයේ ප්‍රාණ ශක්තිය නිවැරදි රටාවට අනුව හැඩගැස්වීමටද එමගින් ශාරීරික සහ මානසික සුවය ලඟා කර ගත හැකි බව ද සොයාගෙන ඇත.

මැණික් යනු ඉතා දුර්ලභ ගණයේ පලිඟු වර්ග වන අතර, මැණික් ගැරීමේදී ලැබෙන සුලභ පලිඟු වර්ග දුර්ලභ මැණික් වලට වඩා බොහෝ අඩු මිලකට සොයාගත හැක. සුලභ වුවත් දුර්ලභ වුවත් මැණික් සහ පලිඟු වල අඩංගු ස්වභාවික ශක්තීන් අතර වෙනසක් නැත. නොයෙක් අපල සඳහා බොහෝ දෙනා මැණික් ගල් සහිත ආභරන පලඳින බව ඔබ දැක ඇතිවාට සැක නැත, ඒ මැණික් වල ඇති සොබාදහමේ ගුප්ත ශක්තීන් වලින් ශාරීරික සහ මානසික සුවය ලඟා කර ගැනීමටයි. නමුත් අපේ සම්ප්‍රදායික ගුප්ත ශාස්ත්‍රඥයින් නියම කරන ඉතා මිල අධික මැණික් වර්ග සාමාන්‍ය ජනයාට මිල දැරිය නොහැකි නිසා ඔවුන් එම මැණික් වලින් ඉතා කුඩා කැබලි ආභරණ වලට එකතු කර ගනී. ඒත් එම ශක්තීන් ම ඇති පලිඟු වර්ග වලින් ප්‍රතිඵලදායී ප්‍රමාණයේ (මදක් විශාල) පලිඟු ගල් බොහෝ අඩු මිලට ඕනෑම කෙනකුට ලබා ගත හැක. මිල අඩු වුවද ප්‍රමාණයෙන් විශාල නිසා මේවාගෙන් වැඩි බලයක් ලබා ගත හැක.

අඩු මිලකට ලබා ගත හැකි පලිඟු වර්ග වලින් ඔබටම කල හැකි ප්‍රයෝජනවත් ගුප්ත මන්ත්‍ර ශාස්ත්‍ර බොහෝමයක්, මේ ලිපි පෙල තුලින් අපි ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වනවා.

පලිඟු ගල් වර්ග සහ ඒවායේ ප්‍රයෝජනසංස්කරණය

ව්යාපාර දියුනුවට – බ්ලඩ්ස්ටෝන්, මැලකයිට්, කොළ ටෝමලින්, කහ සර්කෝන්

සිහින – ඇමතිස්ට්, අසූරයිට්, කළු ඉරි සහිත සුදු ක්වාර්ට්ස් පලිඟු, ඕපල්

සූදු දිනීමට – ඇමේසනයිට්, ඇවෙන්චරීන්, කැට්ස් අයි

සතුට – ඇමතිස්ට්, ක්‍රරයිසොපාර්ස්, කහ සර්කෝන්

සෞඛ්ය/සුව-වීම – ඇගේට්, ඇම්බර්, ඇමතිස්ට්, ඇවෙන්චරීන්, අසූරයිට්, බ්ලඩ්ස්ටෝන්, කැල්සයිට්, කාර්නේලියන්, කැට්ස් අයි, සෙලෙස්ටයිට්, ක්‍රරයිසොපාර්ස්, කොරල්, ක්වාර්ට්ස් පලිඟු, දියමන්ති, ෆ්ලින්ට්, ගාර්නට්, හීමටයිට්, සිදුරක් සහිත ගල්, ජේඩ්, ජැස්පර්, ජෙට්, ලැපිස් ලසූලි, පෙරිඩොට්, සෆායර්, සොඩලයිට්, ගෙන්දගම්, සන්-ස්ටෝන්, ටොපෑස්, ටෝර්ක්විස්, රතු සර්කෝන්

ආදරය – ඇගේට්, ඇලෙක්සැන්ඩ්‍රයිට්, ඇම්බර්, ඇමතිස්ට්, බෙරිල්, කැල්සයිට්, ක්‍රයිසොකොල්ලා, එමරල්ඩ්, ජේඩ්, ලැපිස් ලසූලි, ලෙපිඩොලයිට්, මැලකයිට්, මූන්-ස්ටෝන් (චන්ද්රකාන්ති), ඔලිවයින්, මුතු, රෝඩොක්රොසයිට්, සෆායර්, සාර්ඩ්, ටොපෑස්, රෝස ටෝමලීන්, ටෝර්ක්විස්

ධනය, සෞභාග්‍ය – ඇවෙන්චරීන්, බ්ලඩ්ස්ටෝන්, කැල්සයිට්, කැට්ස් අයි, ක්‍රරයිසොපාර්ස්, එමරල්ඩ්, ජේඩ්, ඔලිවයින්, ඕපල්, මුතු, පෙරිඩොට්, රූබි, ලුනු, සෆායර්, ස්පිනල්, ටයිගර්’ස් අයි, ටොපෑස්, කොල ටෝමලීන්, දුඹුරු/රතු/කොල සර්කෝන්

ශාරීරික ශක්තිය – බෙරිල්, කැල්සයිට්, රෝඩොක්රොසයිට්, සෙලනයිට්, ස්පිනල්, සන්-ස්ටෝන්, ටයිගර්’ස් අයි, රතු ටෝමලීන්, රතු සර්කෝන්

ලිංගික ශක්තිය – කාර්නේලියන්, සන්-ස්ටෝන්, කහ සර්කෝන්

සුව නින්ද – මූන්-ස්ටෝන් (චන්ද්රකාන්ති), පෙරිඩොට්, නිල් ටෝමලීන්

දියුනුව – ඇමේසනයිට්, ක්‍රරයිසොපාර්ස්, මාබල් (කිරිගරුඩ)

ගමන්-බිමන් (ආරක්ෂාවට) – කැල්සෙඩොනි, තැඹිලි සර්කෝන්

බුද්ධිය – ක්‍රයිසොකොල්ලා, කොරල්, ජේඩ්, සොඩලයිට්, ඇමතිස්ට්

ආදරය ලඟා කර ගැනීමට සරල මායා මන්ත්‍ර ශාස්ත්‍රයක්සංස්කරණය

ඔබට සුදුසු ආදරවන්තයෙක්, ආදරවන්තියක් ලඟා කරගැනීමට මෙය කල හැකියි.

ගඟක්, ඇලක්, දොළක් වැනි ජලය ගලා යන තැනකින්, සුමට වූ මදක් විශාල පැතලි ගලක් සොයා ගන්න. ඔබට සුදුසු, ගැලපෙන සහකරුවකු/සහකාරියක ගැන චිත්ත-රූපයක් දකිමින් සහ සිතමින් මෙම ගල සොයාගන්න.

[රතු පාට තින්ත වර්ගයකින් මෙම ගල මත හදවත් දෙකක් අඳින්න (රූපයේ පරිදි). මෙසේ අඳිද්දීත් කලින් විස්තර කල චිත්ත රූපයම සිතින් දකින්න උත්සාහ කරන්න.

දැන්, නිස්කලංක ස්ථානයක මෙම ගල වලලන්න.

ඔබේ චිත්ත-රූප වල අරමුන භූමියේ සහ ජලයේ ශක්තීන් මගින් ඉක්මනින් ඉටු වනු ඇත.

ගල් කැට පහෙන් කරන ආරක්ෂා මායා මන්ත්‍ර ශාස්ත්‍රයසංස්කරණය

ගඟක්, ඇලක්, දොළක් වැනි ජලය ගලා යන තැනකට යන්න. ජලය බැස යන දිශාවට මුහුනලා සිටගන්න. දොළෙන් කුඩා ගල් කැට පහක් අහුලා ගන්න. ඔබේ අවශ්‍යතාවය ගැන චිත්ත රූපයක් දකිමින් මෙම ගල් අහුලා ගන්න.

ඔබේ ඇඟිලි වලින් ගල් කැටය අල්ලන විට ඒවාගෙන් ශක්තිය රැස් විහිදෙන බව චිත්ත රූප දකින්න. මේ ගල් කැට අවුරුදු සිය දහස් ගනනක් තිස්සේ එකිනෙක ගැටි ගැටී, ගෙවී, ජලයෙන් ද සේදී; ඉතා සුමට බවත්, නමුත් ඉතා දෘඩ බවත් ලබාගෙන ඇත. ඒවා ඔබේ ආරක්ෂා කවචයට ශක්තිය එක් කරනු ඇත.

දැන් මේ ගල් කැට පහ කුඩා පසුම්බියක දමා නිතරම ඔබ ලඟ තබා ගන්න.

නිවස ආරක්ෂාවට කරන මායා මන්ත්‍ර ශාස්ත්‍රයසංස්කරණය

ඕනෑම නිවසකට ආරක්ෂාව සඳහා මෙම ගුරුකම කල හැක. මේ මායා මන්ත්‍ර ක්‍රමයේදී අපි භාවිතා කරන්නේ ස්වභාවධර්මයේ ඇති ඉතාම දෘඩ වස්තුවක් වන ගලක්. මැදින් හිලක් ඇති ගලක් සොයාගැනීමට හැකි නම් මේ සඳහා ඉතාමත් යෝග්‍ය වේ.

ඔබේ අත මිට මෙලවූ විට තරම් ප්‍රමාණයේ සුමට ගලක් සොයා ගන්න. මෙය හොඳින් සෝදා පිරිසිදු කරගෙන ඔබේ පූජාසනය හෝ කුඩා මේසයක් මත තබන්න. ගලට එක් පසකින් ජලය පීරිසියක් සහ අනෙක් පසින් මේස ලුනු පීරිසියක් තබන්න. ගල පිටුපසින් කළු ඉටිපන්දමක් දල්වන්න.

ලුනු ස්වල්පයක් ගෙන ගලට ඉසිමින් මෙසේ කියන්න

“මේ ලුනු වල පිරිසිදු කිරීමේ බලයෙන් මම මේ ගල කැප කරමි” ජලය ස්වල්පයක් ගෙන ගලට ඉසිමින් මෙසේ කියන්න

“මේ ජලයේ පිරිසිදු කිරීමේ බලයෙන් මම මේ ගල කැප කරමි” දැන්, ගල අතට ගෙන ඉටිපන්දම් දැල්ලට ඉහලින් යවමින් මෙසේ කියන්න

“මේ ගිනි දැල්ලේ ආකර්ශණ බලයෙන් මම මේ ගල කැප කරමි” අන්තිමට, ඔබේ ඇඟිල්ලෙන් ගල මත ඇසක් අඳිමින් මෙසේ කියන්න

“මගේ (අපේ) නිවස අවට බලා ආරක්ෂා කිරීමට මේ ගලෙහි ශක්තියට මම ආරාධනා කරමි. මෙතැන රැඳෙව්; සියලු නපුරු බලවේග, සිතිවිලි මෙතැනින් නැවතී මා (අප) ආරක්ෂා කර” දැන්, ඉටිපන්දම නිවන්න. ඉතිරි ජලය සහ ලුනු ගෙයින් පිටතට දමන්න. ගල, ගෙදර ප්‍රධාන දොර ආසන්නයේ තබන්න.

මාසයකට වරක් අමාවක දවසට මේ ගල ගෙය තුලට ගෙන එයට ස්තූති කරන්න. ස්තූතිවන්තව උනුසුම් ජලයෙන් සබන් දමා මේ ගල හොඳින් සෝදන්න. නැවත උනුසුම් ලුනු වතුරෙන් ද සෝදන්න. ඉන් පසු ඔබේ ඇඟිල්ලෙන් ගල මත ඇස අඳිමින් එම මන්ත්‍රය නැවත කියන්න. ඉන් පසු ගල නැවත දොර ලඟ තබන්න.

අනාවැකි කීමේ සහ රහස් දැනීමේ ශාස්ත්‍රසංස්කරණය

අනාවැකි කීමේ සහ ගුප්ත දේ දැනගැනීමේ ශාස්ත්‍රයන් ගුප්ත ශාස්ත්‍ර වල ඉතා වැදගත් කොටසක්. කෙනෙකුට ගුප්ත ශාස්ත්‍රඥයෙක් වීමටනම් රහස් දැනීමේ ශාස්ත්‍ර එකක් හෝ දැන සිටිය යුතුයි. සාර්ථක රහස් දැනීමේ ශාස්ත්‍රයක් නම් අහඹු බව පදනම් වූත්, බොහෝ අහඹු නොවූත් එකක් විය යුතුයි. තාරකා ශාස්ත්‍රය මේ සඳහා සුදුසු නොවන්නේ ග්‍රහ තාරකා ආදීන් ගේ ස්ථීර වූ පථයන් මත පදනම් ව අහඹු වූ සිදුවීම් ප්‍රකාශ කල නොහැකි නිසා. නමුත් යම් කටයුත්තක් සඳහා සුදුසු හෝරාවක් සෙවීම, හෝ යම් සිදුවීමක (උපත) වෙලාව අනුව ලැබෙන සුභ/අසුභ පලාඵල කීමට ජ්‍යෝතිශ්‍ය සුදුසුයි.

ගුප්ත තොරතුරු දැනීමේ ක්‍රම බොහෝමයක් ඇත. අංජනම් බැලීම, කනප්පු පෙරැලීම ආදිය දේශීයව දැකිය හැකි මෙවැනි ක්‍රම වේ. මේවා සම්බන්ධ රහස් ඒ ඒ ශාස්ත්‍රයන් දන්නා අයගෙන් ම ඉඟනගැනීම සුදුසු හෙයින්, අප මෙහිදී සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ බටහිර ගුප්ත රහස් දැනගැනීම ක්‍රම වන ටැරෝ කාඩ්, අවලම්භ (බට්ටා) ආදී ක්‍රම. සාර්ථක ලෙස රහස් දැනගැනීම සඳහා මේ ‍ක්රම (යාන) කිහිපයක් එක විට භාවිතා කල හැක.

අනාගතය යනු තවම සිදු වී නොමැති දේවල්. එනම් තවම මේ භෞතික [ත්‍රිමාණ] විශ්වය මත හටගැනීමට ලක් නොවුන දේවල්.

ඔබ චිත්‍රයක් අඳින්න සිතුවා යැයි උපකල්පනය කරමු. ඔබ ඒ චිත්‍රය අඳින්න පෙර ඒ චිත්‍රය මේ ලොකයේ පහල වී නෑ. එසේනම් එය ඔබ අඳින තුරු ඇත්තේ කොහේද. ඔබ නිර්මාණය කරන දේ නිර්මාණය කිරීමට පෙර ඇත්තේ ඔබේ මනස තුලමයි. මුලින් ඔබේ මනස තුල නිර්මාණය කල දේ ඉන් පසුව ඔබ මේ ලෝකය තුලට ගෙන එනවා.

ඔබේ මනස තුල ගොඩනඟන චිත්ත රූපය වෙනත් මානයක පවතින්නේ. ඒ මානයේ පදාර්ථ නැත. ඒ මානය ඔබේ මනස තුලම පමණක් පවතින දෙයකුත් නෙමෙයි. ඒ මානය තුල ඔබ යම් නිර්මාණයක් කර එය මේ ලෝකයට ගෙන නොආවේ නම් වෙනත් පුද්ගලයෙකුගේ මනසට එය ඇතුල් වී ඔහුගේ අතින් එය භෞතික ලෝකයට පැමිණිය හැකියි. නමුත් ඔබේ මනසින් නිර්මාණය කල ච්ත්ත රූපය ඉතාම නිවැරදි ආකාරයට භෞතික ලෝකයට ගෙන ආ හැක්කේ ඔබටම පමණයි.

අනාගතය දැකීම යනු, මේ භෞතික ලෝකයේ හටගැනීමට ලක් නොවුන මට්ටමේ ඊතරික මානයේ ඇති වස්තූන් සහ සිදු වීම් දැකීමයි. මේ ඊතරික මානය කඔස් [Kaos] නම් ස්වභාවයෙන් යුක්තයි (අපේ භෞතික විද්යාත්මක නියමයන් වලංගු නොවේ). එහි ඇති වස්තූන් ගේ ස්වභාවය ගැන කිවහොත් ඒ වස්තූන්ගේ ස්කන්ධය වනාහී භෞතික විශ්වය තුල හඳුන්වන සම්භාවිතාවයට සමානුපාතික වේ. කඔස් ස්වභාවය යනු මනුශ්යයාගේ මනසටද පොදු වූ ස්වභාවයක්. අලුත් අලුත් දේ බිහි වන්නේ මේ ස්වභාවය තුලින්.

www.helawedarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here