Home හෙළ වෙදකම නිල වෙදකමෙි රහස්

නිල වෙදකමෙි රහස්

192
0
SHARE

මා හිතවත් මිත්‍රයකු දුරකථන අංකයක්‌ ලබා දෙමින් මේ වෙද මහත්තයා ගැන පුවත්පතට ලිපියක්‌ ලීවොත් එය බොහෝ රෝගීන්ට සෙතක්‌ වේ යෑයි කීවේය. දුරකථන අංකය අතට ගත් මා ඔබ එහෙම කියන්නේ කුමන හේතුවක්‌ නිසා දැයි ඇසීමි. ආබාධිත වූ මගේ දරුවාටත් බොහෝ ගුණයක්‌ මෙම වෙද මහත්තයාගේ ප්‍රතිකාර තුළින් ලැබුණු බව කී ඔහු කෙසේ හෝ රෝගීන්ට මේ පණිවුඩය ලබා දෙන්නේ නම් එය මහත් සේවයක්‌ විය හැකි බව කීවේය.

මා සමඟ එකට සේවය කරන මේ මිත්‍රයාගේ ඉල්ලීම තුළින් වෙදැදුරුගේ ප්‍රතිකාරයන් කෙරෙහි අතිශයින් ම විශ්වසනීයත්වයක්‌ තැබූ මා පසුගිය දිනක ඔහු සොයා හොරණ පාරේ ගෝනපොල වෙද මැඳුරේ සුමනසේන වෙදදුරු සොයා ගියෙමි. එදින වෙදදුරුගේ නිවාඩු දිනයක්‌ වුවත් පැමිණ සිටි අසාධ්‍ය රෝගීන් කිහිපදෙනකුට ප්‍රතිකාර කරනවා මට පෙනුණි. ඒ අතරතුර තවත් රෝගියකු සමඟ පිළිසඳරකට එක්‌වෙමින් ඔබ පැමිණියේ කුමන රෝගයකට ප්‍රතිකාර ගන්නදැයි මම සෙමෙන් ඇසීමි.

පාසල් අවදියේදී බිම ඇද වැටුණ මගේ කොන්දේ ආබාධය උත්සන්න වුණේ තරුණ විය ඉක්‌ම ගියාටත් පස්‌සෙයි. ඒ දවස්‌වල මේකෙ එතරම් වේදනාවක්‌ සහ බරපතළක්‌ නොතිබුණාට ටිකෙන් ටික වර්ධනය වෙලා පසු කාලෙක පුටුවක වාඩිවෙන්න තරම්වත් බැරි තත්ත්වයක්‌ ඇති වුණා.

මේ තත්ත්වය නිසා මගේ රැකියාවත් කර ගන්න බැරිව වින්ද වේදනාව කියන්න බැරි තරම්. ගත්ත ප්‍රතිකාරත් එහෙමමයි. ඒත් සුවයක්‌ ලැබුණෙම නැහැ. පස්‌සේ කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු හමුවෙලා මගේ වේදනාව කිව්වේ මෙතනින්වත් සුවයක්‌ ලැබෙයි කියලා. ඒත් ඒ දොස්‌තර මහත්තය එකහෙලාම මේ තත්ත්වයෙන් ගොඩඑන්න නම් ශල්‍යකර්මයක්‌ කළ යුතුයි කියා කිව්වේ තාවකාලිකව බෙහෙත් ටිකක්‌ නියම කරල.

පස්‌සෙ මම ඒ අදහස අත්හැරල ආයුර්වේද රෝහල් ගණනාවකටම ගියේ කිහිපදෙනෙක්‌ගේ ඉල්ලීම පිට. ඒත් ඒවායිනුත් මට කිසි ප්‍රතිඵලයක්‌ ලැබුනෙ නැහැ. අන්තිමේදී මට දැන ගන්න ලැබුණා මේ වෙදමහත්තය ගැන කොහොම කොහොම හරි මොකක්‌දොa පෙර පිනකට මේ වෙදමහත්තය ළඟට ඇවිල්ලා පැය කිහිපයකින් මට සැලකිලිමත් ගුණයක්‌ ලැබුණා.

පාරම්පරික හෙළ වෙදැදුරුවරුන්ගේ දක්‍ෂතාවත් වෙදකමෙහි ඇති නිරවද්‍යතාවත් සොයා යන ගමනේදී අපට ඉහත කී රෝගියාගෙන් ලැබුණ තොරතුරු මගේ ලිපියට ප්‍රමාණවත් සාක්‍ෂියක්‌ වේ යෑයි සිතමින් සුමනසේන වෙදැදුරු සමඟ සාකච්ඡාවකට එළැඹුණි.

අපේ ආයතනයේ මා සමඟ සේවය කරන මිත්‍රයකු ඔබ ගැන ලිපියක්‌ ලියන්නැයි ඉල්ලීමක්‌ කරමින් රෝග

රැසකට අති දක්‍ෂතාවයක්‌ දක්‌වන බව කිව්වා. මේ ගැන අපේ වෙද මහත්තයා මොකක්‌ද කියන්නේ?

මම කියන්න ඕන දේ ඔබේ මිත්‍රයා ඔබට කියල තියෙනවා. නමුත් මම කියනවාට වඩා ඔබට විශ්වාසය තැබිය හැක්‌කේ ඔබේ මිත්‍රයා කියපු දේ. ඔහු යමක්‌ මම ගැන කිව්වා නම් ඒක බොරු නොවෙයි. සුමනසේන වෙදැදුරු සිහින් සිනහවක්‌ නංවමින් කීය.

“ඔබ මොන මොන රෝග වලටද දක්‍ෂතාවන් දක්‌වන්නේ?”

මිනිස්‌ සිරුරට වැළඳෙන බොහෝ රෝගවලට මම ප්‍රතිකාර කරනවා. කෙටියෙන් කිව්වොත් සර්වාංග රෝගවලට.

ඇතැම් වෙදැදුරුවරු සර්වාංග රෝගවලට ප්‍රතිකාර කළෙත් යම් යම් රෝගවලට විශේෂත්වයක්‌ දක්‌වනවා. ඔබ එහෙම විශේෂත්වයක්‌ දක්‌වන රෝග පිළිබඳව පැහැදිලි කිරීමක්‌ කළොත්.

මගේ ප්‍රතිකාරයන්හි තිබෙන විශේෂත්වය තමයි නිල ප්‍රතිකාරය.

මේ නිල ප්‍රතිකාරය ගැන පැහැදිලි කළොත්.

නිල තෙරපීමෙන් කරන ප්‍රතිකාරයක්‌. මේ ප්‍රතිකාරයන්හිදී

1. ස්‌නායුගත රෝග

2. සුවකළ නොහැකි කොන්දේ ආබාධ

3. සුව කළ නොහැකි බෙල්ලේ ආබාධ

4. අවබාහුක ආබාධ

(බාහුව උස්‌ පහත් කළ නොහැකි ආබාධ)

5. විග්වාවි ආබාධ (උරහිසෙහි මස්‌ දියකිරීම හා අත් සිහින් වීම.)

6. අංශබාග

7. වහිරු විහතක (ශරීරයේ මස්‌ දිය කරන රෝග)

8. දැඩිව පීඩා විඳින හිරුවාරදය

මේ කියන රෝගවලට ස්‌ථිරවම ප්‍රතිකාර කරනවා. මේ ප්‍රතිකාර තුළින් සුවවුණු රෝගීන් දහස්‌ ගණනක්‌. ඔවුන්ගේ තොරතු=රු ඕනෑම අවස්‌ථාවක පෙන්නන්නත් මට පුළුවන්කමක්‌ තිබෙනවා.

මේ සෑම රෝගයකටම වගේ නිල ඇල්ලීමෙන් ලබා දෙන ප්‍රතිකාරය අති සාර්ථකයි. ඔබේ මිත්‍රයාගේ දරුවත් නිරෝගී බව ලැබුවේ මගේ මේ ප්‍රතිකාරයෙන් බව මම කියනවාට වඩා මිත්‍රයාම කියන්න ඇති.

පරම්පරා දෙකකින් වෙදකම පිළිබඳ මනා දැනුමක්‌ ලබා ගත් සුමනසේන වෙදදුරු කුඩා අවදියේ සිට වෙදකමට දැඩි කැමැත්තක්‌ දක්‌වා ඇත. පෙර පුරුද්දෙන්ම ලත් හැකියාවන් වර්ධනය කර ගත් ඔහු ඇගිටිල්ලේ වෙද හාමුදුරුවන්ගේ පරම්පරාව සහ ඌවේ කිරිබණ්‌ඩා වෙද පරපුරට එකතු වූයේ වයස අවුරුදු දොළහදී පමණය.

හෝමාගම මැදි මහ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ සුමනසේන වෙදැදුරු ඇඹිලිපිටිය මහ විදුහලෙන් උසස්‌ අධ්‍යාපනය ලබා වෙදකමට අවතීර්ණ වී ඇත්තේ මේ තුළින් කළ හැකි සේවය සුවිශේෂ කොට සලකා ගෙනය.

කුඩා කාලයේ ඉඳල වෙදකම මගේ ඇඟේ තිබුණ. අප අවට තිබෙන ගස්‌ වැල්වල නම් මට මතක තිබුණ හැටි දැක්‌කම සමහරු පුදුම වුණා. සිංහල බෙහෙතට නොගන්නවා යෑයි කියන ගහක්‌ වැලක්‌ ඇත්තේම නැති තරම්. ඒ තරමටම මම ගස්‌වැල් හඳුනනවා වගේම එවාහි පස්‌පංගුව ගෙන ඖෂධ නිපදවා ගන්නා ආකාරයත් හොඳ අධ්‍යයනයක්‌ ලැබුවා.

මම දැනට කරන මේ ප්‍රතිකාර තුළින් බොහෝ රෝගීන් සුවපත් කරවල තියෙනවා. විශේෂයෙන් මේ නිල ප්‍රතිකාරය හැමෝම කරන්නෙ නැහැ. ඒකට කිසියම් දක්‍ෂතාවයක්‌ සහ මනා පලපුරුද්දක්‌ වගේම නිල පිළිබඳ අවබොධයක්‌ තිsබිය යුතුයි.

මා ඇසුරු කළ වෙද පරම්පරාවල අති දක්‍ෂතාවක්‌ තිබුණා. මම ඒ සියල්ල ග්‍රහණය කර ගත්තෙ දීර්ඝ කාලීනව වෙදකමට අවතීර්ණ විය යුතුමයි කියලා.

මේ පරපුරේ වෙදකම්වලට වඩා වැඩියමක්‌ පොත පත ආශ්‍රයෙන් මම සොයා ගත්තා. ඇත්තම කියනවා නම් පරපුරකට සුවිශේෂී වූ ප්‍රතිකාර ක්‍රමයක්‌ තියෙනවා. ඒක තමයි ඒ පරපුරේ දක්‍ෂතාවය. නමුත් මම ඊට එහා යමින් සොයාගත් තවත් ප්‍රතිකාර රැසක්‌ තිබෙනවා. ඒ සියල්ලෙන් ලැබූ ප්‍රතිඵල ඉතාම සාර්ථකයි.

වර්තමාන සමාජය දිහා බලනකොට විවිධ ආබාධවලට ලක්‌වූ රෝගීන්ගේ ප්‍රතිශතය වැඩිවෙලා තියෙනවා. ඒ වගේම හඳුනා නොගත්ත රෝග කියල තවත් කොටසක්‌ තියෙනවා. මේ හැම එකකටම බටහිර ප්‍රතිකාර ගන්න ගියත් දැන් දැන් සිංහල ඖෂධවලට වැඩි කැමැත්තක්‌ දක්‌වන බව පේනවා. මේකට විශේෂ හේතුවක්‌ තියෙනවද?

ඇත්තෙන්ම තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට අපට කිසිසේත්ම ඇඟිල්ල දික්‌කරන්න පුළුවන් කමක්‌ නැහැ. නමුත් කණගාටුවෙන් වුණත් කියන්න ඕන බටහිර වෙදකමේදී වැරදුන තැනදී වගකීමක්‌ නැහැ.

www.helawedarala .lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here