Home හෙළ වෙදකම ගමේ ගොඩේ වෙළේ මඩේ

ගමේ ගොඩේ වෙළේ මඩේ

190
0
SHARE

www.helawedarala.lk

අද කතාව මම කලින් ලියපු කතාවට සම්බන්ධයි.ඒ කොහොමද කිව්වොත් ගහට නගපු ලොකු කෙල්ලට බික් රේසරයක් ගන්න කියල රහුමාන් මාස්ටර් කිව්වනෙ.එතකොට මට තව කතාවක් මතක් උනා.
අපේ ගමේ හිටපු ඉතාම හිත හොඳ කාන්තාවක් වෙච්ච රොසන්ට ගැන මම කලින් කතාවක් ලිව්වා.රොසන්ටගේ ගනුදෙනු කාරයෙක් වෙච්ච ඇන්සා මේ කතාව දවසක්දා මගෙත් එක්ක කිව්වා.ගනුදෙනු කාරයෙක් කියල මම කතාවට කිව්වට උන් නං ගනු විතරයි දෙනු තිබුනෙම නෑ.දෙනව තියා අහුවුනොත් එහෙම රොසන්ට රෙද්දෙ ගැටගහගෙන ඉන්න තුට්ටු දෙකත් ලෙහෙල අරගෙන කසිප්පු ගහන ජාතියෙ අපතයො රැළක් ඒ කාලෙ රොසන්ට පස්සෙන් වැටිල හිටියා.
ඉතිං රොසන්ටා තමුන් කලින් යොදාගත්ත වැදගත් හමුවීම් වලට රාත්තිරියෙ යද්දි මග රැකල ඉන්න මේ අපතයො රැල රොසන්ටගේ පස්සෙන් පන්නනවා.හැබැයි ඒ වෙලාවට රොසන්ටා උන්ට අහුවෙන්නෙ නෑ හාවෙක් වගේ එහෙට මෙහෙට පැනල දුවල බේරෙනවා.ඇයි අප්පා මේ වගේ අතේ තඹේ නැති නිකමුන්ට පිනට දීල ඇති පලක් තියෙයියැ.මුන් කොහෙන් හරි ගාණක් හොයාගෙන සුරුට්ටුවක් ඔතාගෙන ගහල අරකත් යගදාව වගේ කෙලින් කරගෙන රුදාව ඇරගන්න මේ මනුස්සයව අල්ලගන්න බලං ඉන්නෙ.කොහොමින් කොහොමින් හරි රොසන්ට මුංට අහු නොවී මාරු වුනාම මොකද කරන්නෙ රස්සාව ඉවරවෙලා ගෑනි ආපහු එනතුරු වත්තෙ ගස්යටට වෙලා රැකල ඉන්නව.
ඒ දවස්වල ඇන්සා පොඩි මහින්දලගෙ ඉස්තෝප්පු කාමරේ කුලියට අරගෙන පදිංචි වෙලා හිටියා.ඒ ගෙදර ඉස්තෝප්පුවෙ කොට බිත්තිය උඩට නැග්ගම රොසන්ටා ආපහු එන පාර හොඳට පේනවා.ඔන්න දවසක් ඇන්සා ඔයවගේ කොට බිත්තිය උඩ වාඩිවෙලා රොසන්ටා එනතුරු කල් මරමින් ඉන්නවා.මේ මාත් එක්ක ඇන්සා කතාව කියාපු විදිය.
වෙලාව රෑ දොළහත් පහුවෙලා හුළඟට මගෙ ඇස් පියවෙනවා.එක පාරට මහින්දලගෙ ලිඳ පැත්තෙන් සරස් ගාල හීන් සද්දක් ආවා.මම බිත්ති කන්ඩියෙන් බැහැල බිත්තියට හේත්තු වෙවී හෙමිහිට හෙමිහිට සද්දෙ ආපු පැත්තට ගිහිං එබිල බැලුවා.අප්පට හුඩු මෙන්න එකෙක් කෙක්කක් වගේ ලීයක් උස්සගෙන උඩ බලාගෙන පිටිපස්සෙ ලාවුලු ගහේ එල්ලල තිබ්බ කුකුල් කූඩුව යට.කවුද කියල හොඳට බැලින්නං ටියුඩා.මූ ලීයේ අගට පොල්ලෙල්ලකුත් ගහල ඒක කුඩුවට තියාගෙන ඉන්නව.මට හිනාත් යන්න එනවා,කට තදකරගෙන මූ මොකද කරන්නෙ කියල බලාගෙන හිටියා.ඔය අම්බ කුකුල් හොරු පොල්ලෙල්ලක් රත් කරල ලීයක ගහල කුකුල් කුඩුවට තිබ්බම පොල්ලෙල්ලෙ  රස්නෙට කුකුළෙක් ඒකට නගිනව.ඊට පස්සෙ බිමට ගන්න එක විතරයි.ටිකකින් පොල්ලෙල්ලට කුකුළෙක් නගින්න ඇති මූ හිමිහිට ලීය බිමට අරං කුකුළත් කිහිල්ලෙ ගහගෙන යන්න හදනව.මම පස්සෙන් ගිහිං කතාකළා.
ඒයි ඔහොම හිටපං…
ටියුඩා උඩ ගිහිං අනික් පැත්ත හැරුණා.
එතකොට උඹ රෑට කරන අනික් ජොබ් එක මේකයි එහෙනං…
අනේ සොයිසා කියන්න නං එපා සොයිසා…
(මුන් දෙන්නම රෙදි මෝලේ කැන්ටිමේ එකට වැඩ කරන්නෙ.ඇන්සාට ටියුඩා කතා කලේ සොයිසා කියල වාසගමෙන්.)
කියන්න,කියන්න නෙවෙයි තෝ තියන්න වටින්නෙ නෑ යකෝ තෝ තමන්ගෙ මිනිස්සුන්ට නේද බලු වැඩ කරන්නෙ…
අනේ සොයිසා මට යන්න දීපං බං…
එහෙනං කුකුළව ගෙනිහින් ආපහු කුඩුවට දාපං…
ඒ ගමන මූ කුකුල ගෙනිහින් පොල්ලෙල්ලේ තියල උස්සල ආපහු කුඩුවට දැම්මා.දැන් මටත් හදිස්සියි මුත් එක්ක තර්ක කර කර ඉන්න අව්අස්සෙ අර ගෑණි යන්න ගියොත් නිදි මරාගෙන බලං හිටපු එකේ ප්‍රයෝජනයකුත් නැති වෙනවනෙ.
හ්ම් පලයං යන්න.මම මේ කාමරේ ඉන්නකං ආයෙ මෙහෙට කුකුල් හොරකමේ එනව එහෙම නෙවෙයි.ආපහු  ඇවිත් මට අහු උනොත් එහෙම යාළුකං බලන්නෙ නෑ හොඳ වැඩක් කරනවා.
ටියුඩ යන්න ගියා මම ආපහු ඇවිත් බිත්ති කණ්ඩිය උඩට නැගල බලං ඉන්න ගත්තා.වැඩි වෙලා ගියෙ නෑ පාරෙ ඈත කොණෙන් අඳුරු රූපයක් මතුවෙලා ටික ටික ඉස්සරහට එන්න ගත්තා.හැබැයි ගොඩක් වෙලාවට ඔයවගේ රූප එනව පෙනුනට හැබැහින් වෙන දෙයක් නෙවෙයි බලාගෙන ඉන්න අපට පෙනෙන මායාවක්.මම ඇහැ පිහදාල හොඳට බලං හිටියා.ඔව් රොසන්ට තමා මම ඉක්මනට ගිහිං මග රැකල  අල්ලගත්තා.

මේ මොකද මේ  කවුද කියල මම බයවුණා,මං මේ හදිස්සියට ගෙදර යන්නෙ අනේ…

ආ මම ඔයා එනතුරු පැය ගාණක් ඇහැරගෙන බලං හිටිය,දැන් මෙයාට යන්න හදිස්සිය…

අනේ හරි මහන්සියි අනේ මම යන්නං…
ටික වෙලාවනෙ ඔන්න ඔහෙ යමු…
මං අතින් අල්ලගත්තම රොසන්ටා වැඩි පෙරැත්ත කිරිල්ලක් නැතුවම මගෙ පස්සෙන් කාමරේට ආවා.ඇත්ත තමා මහන්සිත් ඇති.මහ පාන්දර වෙනතුරු තුං හතර දෙනෙක් එක්කවත් ඇයි හොඳයි කියන්න ඇතිනෙ.ඇඳට අරං ටිකක් වෙලා හුරතල් කර කර හිටියා.අප්පට සිරි ගජ කිව්වලු,මේ පහුගිය සතියෙත් තත් කෙඳි වගේ බූටෑවට වැවිල  තිබුන එක අද මොකුත් නෑ තට්ටෙ වෙන්නම බූ ගාලා,මං වටේම අතගාල බැලුවා සිනිඳුම සිනිඳුයි.
ඔය මොකද කරන්න හදන්නෙ, මොකක් කිව්වා?  ඈයා මට නං බෑ…
ඈ…මොකද අප්පා මේ කරල තියෙන්නෙ…
රොසන්ටා මගෙ උරිස්සට ඔලුව තියාගෙන හිනාවෙනවා.දැන් යන්න තිබ්බ හදිසියත් නෑ තුරුල් වෙලා හුරතල් වෙවී ඉන්නෙ ගෙදර යන්න ඕනැකමක් නැති ගානටයි.කොහොමත් පාන් කළුව තියෙද්දි ගෙදරට යාගත්ත නං මදැයි.
මොකද කපල දැම්මෙ…
මම ආයෙම ඇහුවා.
කරදරයි අනේ ඒ හින්ද කපල දැම්මා…
රොසන්ට හුරතලේට කට හදමින් කිව්වා.
හෑ…මොකෙන්ද කැපුවෙ…
බෝදිගෙ  රේසරෙන්…
බෝදි කිව්වෙ රොසන්ටගේ ලොකු කොල්ලා.ඒකට මට ඊට වැඩිය හිනා.බෝදියගෙ මුණ මතකද හඳ වගේ.ඌ මැරෙනකල්ම අඩු තරමෙන් මූණෙ කුරුලෑවක් වත් ආවෙ නෑනෙ.ඔන්න රහස.
ඇන්සා කතාව ඉවර කළා.අපට බඩ අල්ලගෙන හිනා.
ඉතිං රොසන්ටා කළුවරේම ගියාද…
නැතුව,මොකෝ මං හුළුඅතු බැඳල දෙන්නයැ.වැඩේ අහවර උණ ගමන්ම ගෙදෙට්ට  පිටත්කරල ඇරියා.පිහදාන්නවත් පරක්කු උනේ නෑ.යන ගමන් රෙද්දෙන් පිහදා ගන්න නැතෑ.ඒ වගේද මහන්සියට එතනම නින්ද ගියානං එහෙම එළිවෙලා තමා ඇහැරෙන්නෙ…
ඇන්සගෙ හුළු අතුබඳින කතාව මතක් වුනාම මට හිතුනෙ හුළු අත්තක් දැකපු කාලයක් මතක නෑ කියලයි.අපි පොඩි කාලෙ රෑ ගමනක් බිමනක් යනව නං හුළුඅතුමයි.එහෙම නැත්නං ඉටිපන්දමක් පොල්කට්ටක ගහල පත්තු කර ගන්නව.ඒ කාලෙ දැන් වගේ ටෝච් ආදී විදුලි එළි තිබුනෙම නෑනෙ.අනික දැන් හැම පාරකම වාගෙ වීථි ලාම්පු පත්තුකරල තියෙනව.ඒ කාලෙ රාත්‍රියට එකම ඝනාන්ධකාරයකින් වැහිල යන ගමේ පාරවල්වල අඳුර මකාලන්න හුලුඅත්ත අත්‍යාවශ්‍යම අංගයක් උනා. හුලුඅත්ත කියන්නෙ වේලිච්ච පොල්අතු අග්ගිස්සක් එකට කැටි කරලා ඒ පොල්කොළේකින්ම බැමි දෙක තුනක් දාල හදාගන්න පන්දමටයි.සමහරු ගින්න සරුවට ඇවිලෙන්න තව කෙටි පොල්ලතු අගිස්සක් මැදටත් තියනවා.ඒ උනාට රෑට ගෙදර යන වෝල්ටර් පත්තු කරගෙන යන හුළුඅත්ත නිකං හුලුඅත්තක් නෙවෙයි කාල පන්දමක්.ඔළුව කඩා දාපු පොල්ලත්තකටම බැමි ගහල පත්තු කරගෙන සැරයක් උස්සල පාත්කරපුවම පැත්ත පළාතම එලිය වැටෙනවා.පාරෙ ඈතින් මහා ගිණි මැලයක් ඇවිලෙමින් ඉදිරියට එනව දකින ගමේ කවුරුත් ඔන්න වෝල්ටර් ගෙදර යනව කියල දන්නවා.
අන්ධකාරය මකනවා ඇරෙන්න මේ හුළුඅත්ත තවත් දේකදි ප්‍රයෝජනවත් උනා.ඒ ඌරො හුළුගාන්න.අපි පොඩි කාලෙ අලුත් අවුරුද්දට නත්තලට එහෙම ගමේ කීප දෙනෙක් එකතුවෙලා ඌරෙක් ගේනවා.අපේ ගං පළාත්වල ඌරො ඇතිකළේ නැහැනෙ.ඒ නිසා බහුලව ඌරො ඇතිකරපු මීගමුව ජාඇල කඳාන වගේ පැත්තක තියෙන ඌරු කොටුවකින් හොඳ තර ඌරෙක් සල්ලිවලට අරං මරෝගෙන සයිකලේක බැඳන් ගමට ගේනවා.ඊට පස්සෙ සැන්ටින් මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ වෙද මහත්තයගෙ කෑල්ලෙ තියාගෙන මස් කරන්න පටන්ගන්නවා.මස් කරන්න ඉස්සෙල්ල ඌර සුද්ද කරගන්න එපායැ.කකුල් ගැට ගහල අස්සෙන් ලීයක් යවල ගස් දෙකක බැඳල  හුළුගානවා.ඒ කිව්වෙ ලොකු හුළුඅත්තක් බැඳල ඌරගෙ මවිල් සම්පූර්ණයෙන්ම පුළුස්සනවා.ඊට පස්සෙ පුළුස්සපු හරිය වීදුරු කට්ටකින් පෙරන් ගාල ඇඟ හැමතැනම ඌරු ලේ තවරනවා.ඌරගෙ මවිල් ඉක්මනට ඇදෙනවලුනෙ ඌරුමස් හොද්ද ලිපේ තියෙද්දිත් කෑලිවල මවිල් ඇදෙනව කියල කතාවට කියන්නෙ ඒකනෙ.
ලේ ගාල අරං ඌරව කෑලිවලට කපල මස් ගොඩවල් ගහනව.කිරුවත් බර සමාන වෙන ආකාරයට ඔය මස් ටික ගොඩවල් ගහන්න දස්සයෝ හිටියා.එහෙම දාට ගමේ හැම ගෙදරකම වගේ කුස්සියෙ ලිපේ ඌරු මස් හොද්ද වරදින්නෙ  නෑ. ගෙදර ගෙනිච්ච ගමන්ම උයාගන්න එපෑ මොකෝ ගෙවල්වල අද වාගෙ අයිස් පෙට්ටි හෙවත් ෆ්‍රිජ් තිබ්බ එකක්යැ.වැඩිපුර තිබ්බොත් කහ ලුණු ගම්මිරිස් අතගාල තම්බල අරං පහුවදාට ගන්න වහල තියනවා.එහෙම හදපු ලුණු ඌරුමස් බැදපු තුනපහේ දාල ආටෝපෙට රතුවට හොද්ද හදල ගත්තම ඒ කාලෙ අපේ ගෙවල්වල තිබුන උයනකොට සුවඳ ගහන කුඹුරු හාලෙ සම්බා බතුත් එක්ක ගෑවුන තැන කන්න පුළුවනි.ඌරුමස් හරක්මස් උයනව තියා අද කාලෙ ගෙවල්වලට ගන්නෙත් නෑනෙ.කුකුල් මස් විතරයි.එදා අද වගේ ආගිය අතේ බ්‍රොයිලර් කුකුල්ලු විකුණන්න තිබුනෙ නෑ.ගං කුකුල්ලු විතරයි කුකුළෙක් ගෙනාවෙත් මඟුල් ගෙයක් වගේ උත්සවයක් වෙලාවට රෝස් කරලා තියන්න.කොටින්ම එදා කුකුළා කියන්නෙ ඉස්සරහ කෑමක්.මඟුල් ගෙවල්වල එදා හට්ටි පුරෝල ඉව්වේ හරක්මස් සහ ඌරුමස් අද ඒකෙ අනික් පැත්ත.
ඉතිං රොසන්ට ගැන ලියන්න ඇවිත් කොහෙද ගියෙ බලමුකො.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here