Home හෙළ වෙදකම ඔබේ රෝග වලට හෙළ වෙදකමින් සුවය

ඔබේ රෝග වලට හෙළ වෙදකමින් සුවය

640
0
SHARE

මධ්‍යම රාත්‍රිය එලබෙමින් තිබේ. හවස් වරුවේ සිට මද වැසි වැටුනද නිසොල්මනේ නටන ගස් වැල් තවමත් නිල් විසල් අහස දෙස බලා සිටී. හෙළ වෙදරාලට රෑ හියන් හඬන හඬ ඇසෙන්නේ ඉතා දුරිනි. වරින් වර පින්නේ සීතල වුන තාරපාරේ මර හඬ දීගෙන අසල කන්ද නගින ලොරි රථයක ඇන්ජිමේ හඬ හෙළ වෙදරාලගේ චිත්ත සන්තානයට වරින් වර බාදා කලද එය ගණනකට නොගෙන අපේ ආදි මුතුන් මිත්තන්ගේ අයිතීන් සොයා යන ගමනට ප්‍රමුඛස්ථානය දීමට හෙළ වෙදරාලගේ තීරණය වී තිබුනි. ඔහු සිටි කුටියට කෙලින්ම කුඩා කවුලුවෙන් තරු දිලිසෙන නිල් අහස පෙනේ. මේ සඳ තරු යට විශ්ම කර්මයන් වූ අපේ ආදී මුතුන් මිත්තෝද වසන්නට ඇත. ශ්‍රී ලක් මාතාවගේ දැන් සිටින රෝගීන් වෙනුවට එකල දස මහා යෝධයින් සිටි බව කියවේ. අපේ හෙළ සමාජය රෝගීන් බවට පත්කලේ කවුරුන්ද? හෙළ වෙදරාලගේ සිත කෑ මොර දෙයි.

අද උදෑසන මොකක්දෝ වැඩකට ටවුමේ ආන්ඩුවේ රෝහල අසලට හෙළ වෙදරාලට යන්නට සිදුවිය. රෝහල අසල ඇති පුද්ගලික ලේ පරීක්ෂා කරන ස්ථානයකි. බැලූ බැල්මට වයස අවුරුදු 15 සිට මහලු විය දක්වාම තරුණ මහලු ගැහැණු පිරිමි දෙපක්ශයේම දිගු පෝලිමක් පරීක්ෂණාගාරයේ ඉදිරිපිට විය. හෙළ වෙදරාලගේ සිත කසු කුසු ගෑවේ එහි කුමක් හෝ අමුත්තක් තිබුනු නිසාමය. හෙමෙන් තරුණයකු ලඟට කිට්ටු කල හෙළ වෙදරාල , “මොකද මල්ලි ලැබ් එක ඉස්සරහ පෝලිම, නොමිලේ ලේවත් බලනවද” එම ප්‍රකාශයෙන් මදක් සැලුනු තරුණයා හිනැහී මදහස පා “අනේ අයියේ, මේ ඩයබෙටික් පෝලිම අපිට සීනි තියනවද කියල ලේ බලාගන්නයි උදේ ඉදන් පෝලිමේ ඉන්නේ, මුන්නන් නිකන් ලේ බලයි” වෛරය සහ දුක මුසු වූ තරුණයාගේ දෙනෙත් දෙස බලාසිටි හෙලවෙදරාලට ආගිය තැන් අමතක විය. දෙවියනේ සිංහ ලේ වලට ගිය කලක්.

ඇත්තෙන්ම දියවැඩියා රෝගින්ට කුමන පිළිසරණක්ද? ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ මදුමේහය නොහොත් ඩයබෙටික් රෝගය සඳහා පැහැදිලි උත්තරයක් නැති බව කියවේ . ඔවුන්ගේ සංකල්පය රෝගය පාලනය කිරීම සඳහා පමණි. ඒ සඳහා ලබාදෙන රසායනික එන්නත් හා පෙති වර්ග නිසා විශාල අතුරු ආභාධ රාශියක් ඇතිවේ. වකුගඩු දුර්වල වීම. ප්‍රතිශක්තිය අඩුවීම. ලිංගික ‍බෙලහීනතාවය ඇස් පෙනීම දුර්වල වීම සහ මරණයට පත්වීම මේ අතර ප්‍රධාන වේ.තවද පැවසිය නොහැකි තරමේ අතුරු ආබාධ ගොන්නක් ඇලපති වෛද්‍ය ක්‍රමය ඔබට තිලිණ කරයි. මා පෙර කී පරීක්ෂණාගාරයේ ඉදිරිපිට සිටිනා දියවැඩියා රෝගින් පිරිස නඩු විභාගයකට මුහුන දීමට සිටින වැරදි කරුවන් පිරිසක් මෙනි. මිය යාමට නිශ්චය කරනු ලැබූ ගවයන් රෑනක් මෙනි. එදිනෙදා ජීවිතයේ සීනි මට්ටම මත ඔවුන්ගේ අනාගතය තීරණය වේ. බොහෝ තරුණ පිරිස් 60% කටත් වඩා මදුමේහය රෝගයෙන් පීඩා විඳිති. දියවැඩියා රෝගියකු හට ලිංගික ජීවිතයේදී කාන්තාවක් තෘත්තිමත් කිරීමේ හැකියාව ඇත්තේද මද වශයෙනි. මෙයින් පවුල් වියවුල් ඇතිවේ. කායික රෝගයට අමතරව මදුමේහය සමාජීය බරපතල ගැටලුවක්ද ඇතිකරයි. තරුණ කාන්තාවන්ගේ අනියම් සම්බන්දතාවලට 60% ක රුකුලක් සැමියාට මදුමේහය රෝගයෙන් ඇතිවු බෙලහීනතාවයෙන් ඇතිකරයි. ඉංග්‍රීසීන් බටහිර ජාතීන් අපට පවසා ඇත්තේ දියවැඩියාව හෙවත් මදුමේහය සුවකල නොහැකි රෝගයක් වුවත් වසර 10000ක් ආපස්සට දිවයන් හෙළ රාවණා වෛද්‍ය ක්‍රමවලදී නම් සුව කළ හැකි ඉතා සරල රෝගයකි.

1505 දී පෘතුගීසින් අප මවුබිම යටත් කලගත් දා සිට මේ වන තෙක්ම පිළිවලින් ලංදේසීන් ඉංග්‍රිසින් අප හෙළ සිරිත් විරිත් හා වෛද්‍ය ක්‍රම වලට බරපතල ලෙස හානි සිදු කල අතර අපගේ රහස් වෛද්‍ය ක්‍රම සහිත හෙළ පුස්තකයන් දහස් ගණනක් වංචනිකව ලබාගෙන විදෙස් ගත කල බව ඉතිහාසය සාක්ෂි දරයි. ඉන් නොනැවතුන බටහිර ජාතීන් ඔවුන්ගේ ගොම් පස් ඇල්ලූ කලු සුද්දන් හරහා අපේ ආහාර රටාවන්ට අගෞරව කරමින් නොයෙක් මත වැපිරූ බව පෙනි යන්නේ අප හෙලයන්ගේ ඔලු ගෙඩිවලද පිරී ඇත්තේ ඔවුන්ගේ මානසික අදහස් බැවිනි. සිංහලයන්ගේ බල බිඳීමට සුදු ආක්‍රමණිකයාට කරුණු අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිවිය. එකල ස්වදේශිකයෝ බොහෝ ශක්තිවන්තයෝ වූ අතර ඔවුන්ගෙන් පැණනැගුනු පැරණි කෝලහාල හා මැදිහත් වීම් සුදු පාලකයන්ට මහත් සේ බාදා ගෙන දුන් අතර එය ඔවුන්ට මහත් හිසරදයක් විය. මෙනිසාම නිරෝගී හෙලයාගේ වෛද්‍ය ක්‍රම සහ ආහාර රටාවන් හඳුනාගෙන ඒවා බිඳලීමේ කුමන්ත්‍රනයක් මුල සිටම ඉතා උවමනාවෙන් ඉංග්‍රීසින් විසින් ගෙනගිය බව පෙනේ. ඒ පිළිබඳ මුල් යුගයේදී කන්ද උඩරට පාලනය කල ඩොයිලි හන්ස් නම් උපදිසාපති වරයා කොළඹ ඉංග්‍රීසි ආන්ඩුකාරවරයාට යැවූ රහස් වාර්තාවකද ඇතුලත්ව ඇත.

ඔබ නොදත්තද ඒ රහස් වාර්තාව අදද එංගලන්තයේ ලන්ඩන් කෞතුකාගාරයක සුරක්ශිතව තබා ඇත. කුමන්ත්‍රණය ඇරඹුනේ මෙතනිනි. ඔවුන් මුලින්ම අපේ ආහාර වලට අපහස කරන්නට විය.( “කැඳත් නෑ, කැඳයා, කැඳයට පණ නෑ, හරියට කැඳ බීලා වගේ” ) මෙවැනි අපහාසාත්මක වදන් වලින් කිසිත් නොදත් හෙලයා මහත් සේ සැලුනේ එදා දුටුගැමුණු රජුගේ දස මහා යෝධයින් මහා වැවු ගොඩනැගුවේ වෙහෙර විහාර තැනුවේ නිරෝගීව ජීවත් වුනේ කැඳවල බලයෙන් බව අමතක කරමිනි. බටහිර ජාතින්ට රැවටුනු හෙලයෝ වහ වහා කැඳ බීම නතර කොට ඒ වෙනුවට සුද්දන් හඳුන්වාදුන් තිරිගු පිටි ඇමෝනියා විසරසායන දැමූ විස්කෝතු, පාන්, බනිස් වැනි ආහාර වලටද හුරු විය. විස්කෝතුවෙන් නොනැවතුනු මුද්ද ස්වදේශිකයෝ පිරිපහදු කල නූඩ්ල්ස් වැනි කෑමද තම ප්‍රධාන ආහාර වේල් වලට එකතු කරගැනීමෙන් තත්වය වඩාත් දරුණු විය. උදෑසන පාසල් යන තම දරුවාට බත් පතක් හෝ ධාන්‍ය වර්ගයක් පිස නොදෙන නවීන පන්නයේ ශ්‍රි ලාංකික මවුවරුන් හිරට හිරේ ඩෙනිම් කලිසමක් යන්තම් ඇගේ එල්ලාගෙන ඉන්දියාවෙන් කුලී සින්නක්කර ක්‍රමයට ගත් ස්කූටරක දරුවාද පටවගෙන පිම්මේ හංදියේ බේකරි පෝලිමට දුවති. සැමියා උදේ සවස වෙහෙසී උපයාගන්නා තුට්ටු දෙක බේකරියේ හිමිකරුට මහත් රැචියෙන් පුදන මේ මවුවරු සීනි ඇමෝනියා, ඩයි සහ වස රසායන යෙදූ බාල තිරිගු පිටිවලින් නිශ්පාදිත බනිස් රෝල්ස් කුඩා දරුවන්ට ගිල්ලවති. බොහෝ බේකරි හිමියෝ මේ ආහාර සකස් කිරීමේදී නිසි ප්‍රමිතියක් අනුගමනය නොකරති. ඔවුන් තෙල් සහ බිත්තර වෙනුවට කෘතිම රසායන ද්‍රව්‍ය යොදාගෙන හලාහල විශ මුදලට පාරිභෝගිකයාට ලබාදෙයි. උදේ හවස දරුවන්ට බනිස් ගිල්වන අම්මලා කරගන්නේ ආනන්තරීය පාපකර්මයකි. මෙම විස කුස තුල පුරවාගත් අහිංසක දරුවන් අවසානයේ නවතින්නේ හංදියේ ඉංග්‍රිසි දොස්තරයට අහත් රුධිර පරීක්ෂණාගාරයේය.

එතනදී ඔවුන්ට මදුමේහය බව නිර්දේශ වූයේනම් ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කල යුතුය. විදේශ විනිමය ඉතා අඩු අප වැනි රටකට අසනීප සඳහා බෙහෙත් ගෙන්වීමේදී මහත් අසරණ තත්වයට පත්වන්නට සිදුවී තිබේ. මෙයින් රෝගීන් වැඩිවත්ම වැඩිවශයෙන් බෙහෙත් ශ්‍රි ලංකාවට ගෙන්වීමෙදී රුපියල අවපාත වීමෙන් රට තුල ආර්ථික උද්දමනයක්ද හටගනී. අනෙක් අතින් දරුවාට බනිස් අරන් දීමට අපේ මුදල් පිටරට යවා තිරිගු පිටි ආනයනය කල යුතුය. එයද රටට දරාගත නොහැක්කකි. එයින්ද මුදල අවපාත වීමෙන් නොයෙකුත් ව්‍යාකූලතා රටතුල ඇතිවිය හැක. ඔවුන් සූක්ෂමව අපේ මුදල් ගෙන අපිට වස කවා අපේ මුදලින්ම බෙහෙත් ලබාදෙන අපූර්ව බලන්න. සාමාන්‍යයෙන් ගෙදර නිවසේ ස්වාමියා තම බිරිඳ දරුවන්ට සැලකීම සහ නිවසේ ආහාර රටාව කෙලෙස පවත්වාගෙන යන්නේදැයි සොයාබැලීම වටී. මීට වසර ගණනකට පෙර ශ්‍රී ලංකාවේ පිරිපහදු කල ආහාර ජනතාවට හුරුකිරීමේ අරමුනින් කුසල්මස් වලට එක්ස්පර්ට් යැයි පවසන බටහිර සමාගමක් හා ඉංග්‍රීසි එම් අකුර නමට එන බටහිර සමාගමක් තම ආපන ශාලා ස්ථාපනය කල අතර මුල් යුගයේදී උගත් පොහොසත් යැයි සිතන පිරිස ඉන් ආහාර ගැනීමට හුරු පුරුදු විය. ඉන් සිදුවූවේ 90%ක් ධනවතුන් මදුමේහ රෝගීන් බවට පත්වීමයි. තත්වය තේරුම්ගත් ඉහල ධානපති පංතියේ පිරිස වහ වහා ඒ අවන්හල් වලින් ඈත් වන්නට විය. ඉන් පසුව එම සමාගම් වල ආපනශාලාවල විකිනෙන ආහාර වල මිල මහත් සේ පහත දැමුවේ මධ්‍යම පාංතික ජනතාවද මේ විස සහිත පිරිපහදු කල ආහාර වලට හුරු කර රෝගීන් කිරීමේ අරමුනිනි.අද ඒ උගුලේ හෙළ මධ්‍යම පාංතිකයෝ පැටලී සිටිති.

ඇත්තෙන්ම මදුමේහය සුව කළ නොහැකිද – මදුමේහය නොහොත් දියවැඩියා රෝගය ශ්‍රී ලංකාවේ හෙල රහස් රාවන රහස් බෙහෙත් වට්ටෝරුවලින් මාසයකට ආසන්න කාලයකදී සුවකළ හැකි බව හෙළ වෙදරාලගේ මතයයි. වසර දහස් ගණනක් පැරණි මදුමේහ ප්‍රතිදේහ හෙළ බෙහෙත් වට්ටෝරු කිහිපයක්ම දැනටත් ශ්‍රී ලංකාවේ වෙදපරම්පරා කිහිපයක් සතුව ඇත. ඉංග්‍රිසි වෙදකමේ මහත් පර්වතයක් බඳුවූ දියවැඩියාව මේ හෙළ වෛද්‍යවරයකුට පයට පෑගෙන වැලිකැටයක් තරම් අල්පය. විදේශිකයන් කුමන දේ සිදු කලද නොනැසුනු හෙළ ශාස්ත්‍රයෙන් දියවැඩියාවෙන් ඔබ ගලවා මෙම සමාජ ව්‍යසනය වැලකීමට හෙළ වෙදරාල අදත් හෙටත් ඔබ සමග පෙරමුන ගන්නා බව කිව යුතු අතර ඇලපති වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාරවලින් පිළිතුරු නැති බොහෝ අසනීප සඳහා නිට්ටාවට සුවවන පිළිතුරු හෙළ වෛද්‍ය ක්‍රමයේ අප සෘෂිවරුන් ජාතිය වෙත තිළිණ කර ඇතිබව සටහන් කර තබන්නේ පාඨක ඔබේ දැනගැනීම පිනිසමය.

කොස් ඇටයක් තරමට ලොකු වෙන්නේ – දෙපරඳ අසලම මෙය හටගන්නේ

වේදනාව නැත ඉහලුම් දෙන්නේ – බගන්දරේ බව අද දැනගන්නේ.

 

ඉහල කාව්‍ය සංකල්පනාව හෙළ වෙදරාල උපුටා ගත්තේ ඉපැරණි බගන්ධරා රෝගයට ප්‍රති දේහ බෙහෙත් සඳහා ලියවුනු වසර 7000ක් පැරණි රන් පත්තිරුවකිනි. ගුද මාර්ගයේ නොයෙක් අපද්‍රව්‍ය කොටස් ඉතිරිවීම නිසා ඇතිවන පණුවකු මාර්ගයෙන් බගන්දරය හටගනී. එම පණුවා ඉහලට ගමන් කරන විට ශරීරයේ ඉහල කොටස් වලින් සිදුරු වී අසූචි පිටතට පැමිනීමත් පහළට ගමන් කරන විට සිරුරේ පහල ප්‍ර‍දේශ වලින් සිදුරව අසූචි එලියට පැමිණිමත් සිදුවන මහා පිළිකුල් සහගත අති වේදනාකාරී රෝගයකි. ඉංදියාවේ මවුරී අධිරාජ්‍යාගේ අශෝක අධිරජුටද මෙම බගන්දර රෝගය වැලදීමෙන් මහත් අපහසුතාවයට පත්වීමෙන් අනතුරුව ඉන්දියාවේදී සුවකර ගත නොහී පසුව වෙදණන් ශ්‍රී ලංකා දීපයට එවා රතු ලූණුවලින් සකස් කරන ලද අරිශ්ඨයක් ගෙනගොස් රජුගේ බගන්ධරය සුවකල බව ඉතිහාස පත පොතෙහි සඳහන් වේ. එයින් රජු දින 5ක් ඇතුලත සුවය ලැබූ බව ඉංදියාවේදී ලියවුනු චක්‍රවර්තී අශෝක කෘතියෙහි සඳහන් වේ. එහෙත් අද කිසිම නවීන රෝහලක බගන්දරයට සාර්ථක ප්‍රතිකාර නොමැති බව හෙළ වෙදරාලට ඉඳුරාම පැවසිය හැක. හෙළ රස වෛද්‍ය ක්‍රමයේ විශ්ව කර්මයක් වූ රතු ලූණු මූලික කරගෙන නිශ්පාදනය කරන එක්තරා රහසිගත වෛද්‍ය වට්ටෝරුවකින් මූල බගන්දරයත් කුරුමිණි මාන්දමත් මූල අග්නි රෝගය හෙවත් අර්ශස් රෝගයක් සතියකට අඩු දින ගණනකදී සම්පූර්ණයෙන්ම සුවකළ හැකි බව හෙළ වෙදරාල පවසන්නේ වගකීමෙනි. කිසිවිටකත් මෙම රෝගයන් සඳහා ඇලපති වෛද්‍ය ක්‍රමයේ එන ශල්‍යකර්මය නොකල යුතුය.

පපුවේ වම්පස හිරකරවන්නේ – ඇතුලත රුධිරය කැටිකරවන්නේ

වේදනාව ඇත අහස උසින්නේ- හෘදය නැවතීමෙන් මියයන්නේ

 

මේ මීට වසර දහස් ගණනකට පෙර හෘදයාබාධයක් පිළිබඳ සහ එයට ක්ෂණික ප්‍රතිකාර පිළිබද රිදී පතක් මත ලියවුනු සිංහලට සරලව පරිවර්තනය කරන ලද කාව්‍යකි. හෘද්‍යාබාධයකින් මියයාම අලුත් සංකල්පයක් නොවුනත් වැරදි ආහාර රටාවන් හා ව්‍යායාමය අඩුවීමත් ප්ලාස්ටික් මිශ්‍ර රසායනික වායුව නිසා හදවතෙහි නාල කුඩා වී අවහිර වීමත් නිසා මේද තට්ටු කැටිති වශයෙන් හදවතෙහි නාල තුල සිරවීමෙන් රුධිර සංසරණය අඩාල වී හෘදය නතරවීමෙන් මනුශ්‍යා හට වේදනාබර ක්ෂණික මරණයක් අත්වෙයි. පසුගිය දිනක මා හිතවත් ගුරුවරයකුද සිය රූමත් තරුණ බිරිඳ මෙලොව සිටින්නන්ට බාරදී පරලොව සැපත් වීමට සිදුවූවේද හෘදරෝගයක් නිසාවෙනි. අධික ලෙස දුම් පානය කල මේ ගුරුවරයා දියවැඩියාව අධිරුධිර පීඩනය සහ ශරීරයේ ස්ථූලභාවය තම නොසැලකිල්ලෙන් ලඟාකර ගත්තෙකි. සූකර මාංශ කෑමෙහි ගිජුවූ ඔහු අවසාන කාලයේදී හෘදයාබාධ සඳහා අප කී දේ ගණනට නොගෙන ඉහල පෙලේ පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී සයනය මතම කලුරිය කල තිබුනේ ඔහුගේ කර්මයක් ඵලදීමක් වන්නට පුලුවන. හෘදයාබාධ කෙරහි ශල්‍යකර්ම ඉතා භයානක වන අතර නාලය විශාල කිරීම නොහොත් නෙට් පැලදීම සාර්ථක ක්‍රමයක් නොවන බව බොහෝ දෙනා දන්නා කරුණකි. කෙසේ වෙතත් හෘද රෝගීන් ඇලපති වෙදකමට යොමුවීමෙන් අවසානයේ නොඑන ගමන් යන්නේ කාටත් හොරාය.

එහෙත් හෙළරාවණ වෛද්‍ය ක්‍රමවලදී දින 7කින් අවහිර වූ නාල ප්‍රකෘතිමක් කර හෘදයට නිවැරදි ලෙස රුධිරය සංසරණය කිරීමට සලස්වන සාර්ථක වෛද්‍ය ක්‍රමවේදයක් හෙළ රාවණ වෛද්‍ය ක්‍රම තුල ඇත. ඇත්තෙන්ම කිවතොත් මෙම අති සාර්ථක ක්‍රමය ඉතාම වේගවත් සහ ක්ෂනික බව කිව යුතුය.ආතරයිටීස් හෙවත් හංදි ඉදිමීමේ රෝගයද මෙතෙක් බොහෝ වෛද්‍ය ක්‍රම තුල සාර්ථක ප්‍රතිඵලයක් නොමැති රෝගයකි. එහෙත් හෙළ රාවණ රජුගේ බිසවක් වූ යස උදරි බිසවට එකල ආතරයිටීස් රෝගය වැලඳීමෙන් දක්ෂ විද්‍යාඥයකු හා වෛද්‍ය වරුයකු වූ දෙතිස් මහා රාවණ රජු ඒ සඳහා ප්‍රතිකාරයක් සාර්ථකව සොයාගත් බව සඳහන්ය.වේ ආස්මි, හුඹස් මැටි, කොහොඹ මලින් සවිකල මී පැණි සහ එක්තරා සත්වයකුගේ මාංශද යොදා සාදන ආලේපයකින් වසර 25ක් තිස්සේ වුවද පැරණි වේදනාබර ආතරයිටීස් රෝගයට ක්ෂණික පිළියම් යෙදිය හැකි බව හෙළ වෙදරාල අත්දුටුවේ මෑත පරපුරේ මැදවච්චිය ප්‍රෙද්ශයේ සංජීව අල්විස් නම් වෛද්‍යවරයකුගෙනි. ඉතා ප්‍රසිද්ධ වෙළඳ සමාගමක අධ්‍යක්ශ්‍යවරියකු වූ හෂිනි හෙළවෙදරාලගේද මිතුරියකු වූවාය. රන්පැහැති ඇගේ සිරුර දෙවඟනකට සමකල හැක. එහෙත් කර්මය සහ අවාසනාව ඇය සමග වූවාය. හෂිනිට ආතරයිටීස් නොහොත් සංධි ඉදිමීමේ රෝගය වැලඳීමෙන් එදිනෙදා කටයුතු කරගන්නවා තබා වැසිකිලියට යාමට පවා දැඩි අපහසුතාවයක් ඇති වූවාය.

මුදල් හදල් යහමින් ඇති ඇය කොළඹ ප්‍රධාන පෙලේ පුද්ගලික ඇලපති රෝහලකින් කෙතරම් ප්‍රතිකාර ලබාගත්තද එන්න එන්නම රෝගය උත්සන්න වීම නිසා අවසානයේ මහත් සේ දුකට පත්ව අවසානයේ හෙළවෙදරාල ඇමතුවේ අප සමග තිබූ අතිශය මිතුරුකම නිසාමය. පසුව අප ඉහත කී වෛද්‍යවරයා වෙත මේ සොඳුරු තරුණිය යොමුකිරීමෙන් පසුව සතියක කාලයක් තුලදී සම්පූර්ණයෙන්ම සුවය ලැබීමට හැකි වූ බව පවසන්නේ අපගේ හෙළ වෛද්‍ය ක්‍රම පිළිබඳව දැඩි ලෙස ආඩම්බකමිනි. දැන් දේවත්වයට පැමින තිබෙන දෙතිස් මහා රාවන දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් හෂිනි දැන් දුව පැන කෙලිදෙලින් ඇවිදින පැරණි ජීවිතය නැවත ආරමිභ කොට ඇත. හෙළ වෙදකමේ විශ්මය මෙය බව අපගේ ඇදහීමයි.

හාරදාස් හාරසීය හතලිස් අටක් වන පිළිකා රෝග සඳහාද හෙළ වෛද්‍ය ක්‍රමයේ ඉතා සාර්ථක පුතිකාර ක්‍රම ඇත. ඔනෑම පිළිකා රෝගියකු කිසිම ශල්‍යකර්මයකින් තොරව මාසයක් වැනි කාලයක් තුලදී ප්‍රකෘති තත්වයට ගෙන යා හැකි ලේහ, ගුලි, කල්ක, චූර්ණ සහ රහස් අරිශ්ඨ හෙළ වෛද්‍ය ක්‍රමයේ සතුය. අල්ගම මදුරපිටිය ප්‍රදේශයේ සෝමසිරි මහතා කොළඹ රජයේ ආයතනයක ලිපිකරුවකු වූ ප්‍රසන්න පුද්ගලයෙකි. ඔහුගේ සාමාන්‍ය ජීවන රටාව ක්‍රමයෙන් අවුල් වන්නට විය. වෛද්‍ය ප්‍රතිකාරද නොයෙකුත් ශාන්තිකර්මද සිදුකරන තත්වය එසේම වූ බැවින් ඔහු රෝහල් ගත කෙරුණි. රෝහලේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබූ සොමසිරි මහතාගේ තත්වය හොඳ අතට හැරුනේ නැත. අවසානයේ වෛද්‍යවරුන් සොමසිරි මහතාගේ අක්මාවේ පැතිරුණු පිලිකාවක් ඇතිබව සොයගෙත්තේ ඤාති හිතමිත්‍ර ආදීන්ට එලෝ මෙලේ නැතිකරමිනි. ඔහුට එතරම්ම මිනිසුන් ප්‍රියකල පුද්ගලයකු විය. අවසානයේ නෑදැයන් තීරණය කර තිබුනේ ජාතික පිළිකා රෝහල වෙත රෝගියා යොමුකිරීමට වුවද හෙළ වෙදරාලගෙන් තත්වය පිළිබද තතු විමසීමටද අමතක නොකලාය. ඔවුන් හෙළ වෙදරාල වෙත ඉදිරිපත් කල පැනයට අපද පෙරලා පැනයක් ඉදිරිපත් කලෙම්. එනම් පිලිකා රෝගයෙන් රෝගියකුට ශල්‍යකර්මයක් විකිරණ ප්‍රතිකාරයක් සිදුකර සාර්ථකව ජීවත්වන පුද්ගලයකු ඇත්නම් සොයාදෙන ලෙසය. ඇත්තෙන්ම එවැනි පුද්ගලයෙක් මතක් කර ගැනීමට ඔවුනට නොහැකි විය. පෙර දවස ඹවුන් දන්නා හඳුනන පිළිකා රෝගයන් බොහෝ සිටියද අසාර්ථක ඇලපති ප්‍රතිකාර ලබාගත් ඒ සියලු දෙනා මේ වනවිට පොලවේ අඩි 4ක් යට නිසොල්මනේ සැතපෙන නිසාය. එසේනම් නිගමනය විය යුත්තේ පිළිකා රෝගය මර්ධනය කිරීමට හැකි සාර්ථන ප්‍රතිකාරයක් ඇලපති වෛද්‍ය ක්‍රමය සතුව නොමැති බවයි. විකිරණ ප්‍රතිකාර ලබාදීමෙන් කොන්ඩය හැලී ගොස් මිනිසුන් විකෘති වී මරණයට පත්වෙයි. ශල්‍ය කර්ම කිරීමෙන් පිලිකා ශෛල පැතිරීමට වැඩිවී තුවාල සුව නොවීමෙන් රෝගියා මියයයි. හෙළ වෙදරාලගේ උපදෙස් මත සෝමසිරි මහතා දක්ෂ හෙල වෛද්‍යවරයකු වෙත යොමු කර ඇති අතර මසක් වැනි කාලයකදී අක්මාවේ පිලිකාවෙන් සම්පූර්ණයෙන්ම සුවවී ඇති බව අදද ඔහු සහ ඔහුගේ ඤාතියෝ සාක්ෂි දරනවා ඇත. වෙල්මුඩමහණ, එලවරා, අබිං හා තවත් බෙහෙත් ද්‍රව්‍ය 114ක් යොදා සකස් කරන ලද රහසිගත බෙහෙතක් හා සර්ව විශාදී තෛලය සෝමසිරි මහතාගේ අක්මාවේ පිලිකාවට තිත තැබූ බව දන්වන්නේ සතුටිනි. දේශීය හෙළ වෛද්‍ය ක්‍රමයේ පිළිකා සහ ගෙඩි ප්‍රතිකාර අතර මොලයේ පිළිකාද සුවකිරීමේ හැකියාවක් ඇති රහස් බෙහෙත් වට්ටෝරු තිබෙන බවද ඉහත වෙද මහතාගේ පත පොත පරිශීලනයෙන් හෙළ වෙදරාලද උගත්තාය.

අපේ හෙළ සිරිත් විරිත් විනාශ කිරීමට කිසිවිටකත් බටහිර ජාතීන්ට නොහැකි වනු ඇත.ඔවුන් දරනා එම උත්සහය පහත කවියට සමාන වේ

සුවාසූ දහසක් – යොදුන් ගැඹුරැති මුහුදත්

ඉසිමැයි උදත් – ලෙහෙනු තැත්කල වැන්න දවසක්

ලබන කලාපයෙන් වෛද්‍යවරුන් සමග හමුවෙමු.

දේශබන්දු හෙළවිද්‍යා කීර්ති කාලාම්ස ජොශ්‍ය විශාරද මානව සම්පත් පෞර්ශත්ව උපදේශක සුලු අපනයන බෝග අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය උපදේශක ජේශ්ඨ මාධ්‍යෙව්දී හෙළ වෙදරාළ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක සාගර සම්පත් ජයසිංහ මහතා ඵල කල අදහස්

සාකච්ඡාව මෙහෙයවීම දිල්ශාන් රමේෂ්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here