Home හෙළ වෙදකම ආදරනීය කොයිමි

ආදරනීය කොයිමි

108
0
SHARE

සංවේදී සටහන..
මීට වසර එකොලහක් මගේමතකය දිවයයි.ඊයේ රාත්ත්‍රිය නින්ද අසලකටවත් නාවේ අවුරුදු එකොලහකට උඩදී නේපාලයේ නාචි කදු දුර්ගයේදී සිදුවු භයානක හෙලිකොප්ටර් අනතුර සියදහස්වතාවක් සිහිවීමෙනි.
අපමාධ්‍ය කන්ඩායම චීනය.තායිලන්තය.සිංගප්පූරුව.මලයාසියාව.බාර්ලි දූපත්.ඉන්දියාව.සංචාරය කර අවසානය වූයේ නේපාලයේ දුශ්කර කදු දුර්ගයක්වූ නාචි කදුපන්තියේ හෙලිකොප්ටර් සංචාරයයි.අප කන්ඩායමට රටවල් දොලහක මාධ්‍යවේදීන් ඇතුලත්විය.ලංකාවෙන් මමත් සුගන්දිකාත් මේ සංචාරයට සහභාගීවූවා මතකය.අද ඇය ප්‍රංශයේ පදිංචිව සිටී.අපකන්ඩාම බලපොරොත්තුවෙන් එදා නේපාල් වීර් රාජකීය ගුවන් කදවුරේ රුසියාවේ නිශ්පාදිත දිත්ව ඇංජින් සහිත MI17 වර්ගයේ හෙලිකොප්ර් යානා දෙකක් විය.
අළු කොළපැහැති යානයට ගොඩවන්නට ආරාධනා කලේ ඔබය.දුශ්කර නාර්චි ගම්මායේදී කහටැංකි ⁣ගොළුබෙල්ලන්ගෙන් සෑදූ සූපය මා නොදන්කමින් පානයකීරීමට යද්දී එය වැලැක්කූයේ ඔබය.
අපකන්ඩායමේ සිටි එකම නේපාල මාධවේදිනිය වූ හිතවත් කොයිමි නිකිර් ඔබ මවුබිමේදී අවසාන දින මෙතරම් විපතක් වේයයි අපකිසවෙකු සිතුවේ නැත.ඔබ මා ඇතුළු පහලොස්දෙනෙකු රැගත් යානය කුරුල්ලෙකුමෙන් කදු දුර්ගය තුල සරද්දී අප කුඩාදරුවන් මෙන් කෑකෝගසා රිසිපරිදි සතුටුවෙද්දී යානයේ නියමුවන් පවා අපහා එක්වුවා මතකය.නාචි කදුවලල්ල තුල නරක කාලගුනයක් පවතිනබවත් ඒ හේතුවෙන් මීටපෙරද බුද්ධා ගුවන්සේවයට අයත් යානයක් ජපන්ජාතිකයන් දසදෙනෙකුද සමග අනතුරට පත්වුබවත් කැඩුන ඉංග්‍රිසි බසින් හිනැහෙමින් කියුහැටි දැනුදු සැලෝලයට් පටියක්මෙන් චිත්ත්‍රනය වේ.
එදා අපිසියළුදෙනා නරකම දේට මූනපෑවේ ගුවන්ගතවී 58වන මිනිත්තුවේය.එක්වරම කුරුල්ලෙකුමෙන් කදු දුර්ගය ඉහලඅහසේ පියඹමින්තිබූ යානය මහා කම්පනයකින් වෙවුලා සැලීගියේ අපසියළුදෙනාම බියෙන් සලිතකරවමිනි.එතැන් පටන් යානයතුල මලගෙයක සිරිගත්⁣බව මතකය.මෙතෙක්වේලා අපසමග සතුටබෙදාගනිමින් සිටි නිමුවන් දෙදෙනාද දැඩිලෙස කලබලවීඇතිබව පෙනේ.සන්සුව තිබූ යානය කන් බිහිරිකරවන තරම් ශබ්දයක් නගමින් නියමුන්ගේ පාලනයෙන් මිදුනේ වම්පස එංජිමෙහි බලය යානයට සම්පූර්නයෙන් අහිමිකරමින් අපජීවිත බිංදුවට ඇදදැමීමෙනි.කලබල අස්සේ නියමුවන්ගේ මෙයිඩේ මෙයිඩේ හඩින් පාලකමැදිරිය අමතමින් කුමදා් පවසනවා අසිහියෙන් මෙන් මා බලාසිටියාය.(මෙයිඩේ අරුත.අපිවැටෙනවා යන්නෙහි නියමුවන් භාවිතකරන කෝඩ් භාශාවක් පසුව දැනගතිමි) අපජීවිත දෙවියන් සතුවිය.අනතුර අස්සේ ඔබ මිතුරන් සනසමින් සිටිනා අතරතුර ඔබට පෙර මා සිහිසුංවූවා මතකය.
මා නැවත සහිය ලැබුවේ සතියකට පසු කත්මන්දු රෝහලකදීය.එහිදී ලදතොරතුරු අනතුර සිදුවූ දිනටත් වඩා අමිහිරිය.ඔබත් මගේ තවත් මාධ්‍ය මිතුරන් හයදෙනකුත් ගුවන්නියමුවන් දෙදනාත් එදා සිදුවූ හෙලිකොප්ටර් අනතුරෙන් මරු වසගයට ගෙනතිබීමේ පුවත ඇසීම මා ජීවිතයතුල ඇසූ දුක්බරම පුවතයයි සිතේ.එදා එසේ නොවූවානම අද මගේජීවිත කතාවද මීට වෙනස්වනු නොවනුමානය.

හිතවත් කොයිමි මා ඔබඇතුළු එදා මියගිය සියළුම දෙනාටම උතුම් අමාමහ නිවනම ප්‍රාර්ථනා කරන අතර සසරේ කිසිදාක නැවත මෙවන් විපත් නොවේවායි පතමි..

ඈ සගරාවට මවුබිම පාරදිගේ අතිරේකයට මා ලියූ ආදරනීය කොයිමි කෙටිකතාව කියවන්න.

සාගර සම්පත් ජයසිංහ
www.helawedarala.lk

www.helawedarala.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here